(පුෂ්පකුමාර ජයරත්න )
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ආදායම් නොැමති වීම හේතුවෙන් කුරුණෑගල නගරයේ ආපන ශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් මේවනවිට වසා දමා ඇති බව වාර්තාවේ.
මේ ආකාරයට වසා දමා ඇති ව්‍යාපාරික ස්ථාන අතරට කුරුණෑගල නගරයේ පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ස්ථාන කීපයක්ම තිබේ.
කුරුණෑගල පවතින කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන ජනතාව කුරුණෑගල නගරයට පැමිණීමෙන් වැළැකීම හේතුවෙන් ව්‍යාපාර අඩපණව ඇති බව ව්‍යාපාරිකයන් පෙන්වා දෙති.
මෙම තත්ත්වය හමුවේ ආදායම් අඩු වීමෙන් සේවක පඩිනඩි ඇතුළු වියදම් පියවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් තම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තීරණය කළ බව එම ව්‍යාපාරිකයෝ පැවසූහ.
පවතින කොරෝනා අවදානම හේතුවෙන් මේ දිනවල කුරුණෑගල නගරයේ ගැවසෙන ජනතාව ඉතා අවම මට්ටමක පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ අනුවණ තීරණ නිසයි මේ හැම ප්‍රශ්නයක්ම එකපාර මිනිස්සුන්ට වද නොදී ටික ටික ඔවුන් මිනිස්සුන්ගෙන් පළි ගන්නවා. එකපාර රට වසා දැමුවානම් හැමෝටම දුක් විදින්න වෙන්නේ සතියයි නැතිනම් දෙකයි දැන් එහෙම නෙවෙයි.
කුරුණෑගල පමනක් නොවේ සමස්තයක් ලෙස ගතහොත් රටේම පවතින තත්වය මේ අයුරින්ම තමා.මිනිසුන්ට ගෙවල් වලට ඉන්න කියලා අපි කඩ ඇරගෙන ඉන්නවා.උඩ බලාගෙන.මොන විහිලුවක් ද මේ කරන්නේ. දොස්තරලා කෑ ගහනවා වහන්න කියලා.වහපු ප්‍රදේශය එක රැයින් අරිනවා..මාද්‍ය හමුවකට පස්දෙනෙක් ආවොත් පරස්පර කතා කියනවා.කොවිඩ් වසංගතයත් ඉල්ලමක් කරගෙන කනවා වගේ දැන්
කායික සංවර්ධන මද්‍යස්ථාන 500 ක් පටන් ගෙන අනුමත කෙරුවලු නේ.
අයියෝ පව් මිනිස්සු. ව්‍යාපාර කර ගන්න මිනිස්සුන්ට ඉඩ දෙන්න.