
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටින හෙයින් එම පරීක්ෂණ අවසන් වන තෙක් මැතිසබයට නොකැඳවන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී අද ඉල්ලීමක් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටින කිසිදු මන්ත්‍රීවරයකු අදාල විමර්ශන අවසන් වන තුරු මැති සබයට නොකැඳවිය යුතු බව ද වීරසේකර මහතා කීය.
වීරසේකර මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැඳවුම් නියෝග යටතේ සිටින රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා මැති සබයට කැඳවන්නයි ඉල්ලීමක් කළ අවස්ථාවේදී ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු! අපේ ඇමැතිතුමා හරි. රිෂාඩ් මහත්තයා මිනීමැරුමකට වරදකරු වෙලා නැහැනේ.... මීනී මරල වරදකරු වන අයට පාර්ලිමේන්තුවට එන්න පුලුවන් කියල නීති පොතේ තියනවනෙ.
ඒක හොදයි... දැන් රිෂාඩ් ඇතුලෙ හින්දා කාදිනල් තුමාට සතුටු ඇතිනේ... පළාත් සභා ඡන්දෙ ඉවර වෙනකම් තියාගත්තා නම් ගොඩ තමයි.
රිෂාඩ්ලා කොහොමත් ඇතුලේ ඉන්න ඔ්නෑ කට්ටිය... යහපාලන ආණ්ඩුවෙන් හොදට හොරකම් කරලා. පාස්කු ප්‍රහාරයට උදව් කරලා නිකන් බබා වෙන්න හදනවා. ෂොපින් බෑග් එකෙන් ආපු මනුස්සයාට කොහොමද පොඩි කාලෙකින් කොළඹ 07 ගෙවල් ගන්නේ..?
100% ක් එකඟයි
මම කොහොමටත් රිෂාඩ් පක්ෂ නොවේ. නමුත් පිල්ලයාන් සහ මහා පරිමානයේ රණවිරුවන්ව ඝාතනය කලයි කියල ආඩම්බරයෙන් කියපු කරුණා වගේ ත්රස්තවාදීන් පාර්ලිමේන්තුවට පමණක් නොවේ, ඇමති වෙලා, ජනාධිපති උපදේශක වෙලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වුනා. මේවා මෙයාට අමතක් වෙලාද?
හොරකම් කරපු අය, මිනී මරපු අය පාර්ලිමේන්තු එන්න පුළුවන්. රංජන්ට, රිෂාඩ්ට පමණයි පාර්ලිමේන්තු එන්න බැරි..
අනිවාර්යයෙන්ම මිනිස්කමටත් නිගා කරපු මිනීමරුවන්ට අයිතිවාසිකම් නොතිබිය යුතුයි.
ආයෙත් ඉල්ලන් නෑවා..නීතිපති කීවා ප්‍රශ්නයක් නැහැ කියලා.
හමුදාවෙ හිටියත් මිනීමරුවන්ට දඩුවම් දියයුතුය.
මෙයා ගැන කියන්න තියෙන්නේ සෑම විටම බල්ලො බුරති. නමුත් කිසි දෙයක් වෙනස් නොවෙයි.
ඇයි එන්න දුන්නොත් මන්ත්‍රී වරප්‍රසාද වලට මුවාවෙලා පාස්කු ප්‍රහාරයේ ඇත්ත මහා මොළකරු කවුද කියල හෙළිකරයි කියල බයද? ගමේ ගොඩේනම් දැන් කතා බස් වෙනවා "මහමොලකාරයා කවුද මේ මහා මනුස්ස ඝාතනයෙන් ප්‍රයෝජනයක් උනේ කාටද" කියල. ඒ සහරාන්ලගේ කණ්ඩායම ගැන නම් නෙවේ ඔන්න.
සියලු පරීක්ෂණ වලින් එම සැකකරු ත්රස්තවාදීන් සමග සබඳතා පවත්වා තම ප්‍රකාශන වලදි බොරුකියලා නීතියට බියක් නැතිව කටයුතු කිරිම තම බලය අනිසිලෙස පාවිච්චි කර මේ වාගේ කපටි කෛරාටික අයවලුන්ට නීතියේ නාමයෙන් දියයුතු ලොකුම දඬුවම ලබා දිය යුතුමයි.