
(මනෝප්රිය ගුණසේකර)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුඩීන් මහතා පාර්ලිමේන්තු සැසියට ඉදිරිපත් කිරීමට නීතිමය ගැටළුවක් නැතැයි නීතිපති රහස් පොලිසියට දැනුම් දී ඇත.
රහස් පොලිස් අධ්යක්ෂවරයා නීතිපතිගෙන් කළ විමසිමකට අනුව නීතිපතිවරයා මේ බව දන්වා ඇත.
පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකළ විමර්ශනවලදී හෙළිවූ කරුණු පදනම් කරගනිමින් සිද්ධියෙන් වසර දෙකකට පසු රහස් පොලිස් නිලධාරීන් විසින් රිෂාඩ් බඳියුඩීන් මහතා මෙන්ම ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබිණි.
ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙළි වූ තොරතුරු මත ආරක්ෂක ලේකම්ගෙන් ලබා ගත් රැඳවා තැබීමේ නියෝග යටතේ බදියුඩීන් සහ ඔහුගේ සහෝදරයා මාස තුනකට රහස් පොලිසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්... රන්ජන්ව ගෙනාවොත් තමයි අහස පොලොව නුහුලන අපරාධයක් වෙන්නේ.
සිංහලයට එක නීතියක්, මුස්ලිම්වරුන්ට තව නීතියක්.
චොකා මල්ලි වැනි දේශ ප්‍රේමී කෙනෙකුට පමණි මිනී මැරුණත් පාර්ලිමේන්තු එන්න පුළුවන්... රිෂාඩ් යනු දේශප්‍රේමී පිලට හොරෙන් කඩේ යන, නාටකයේ දූෂණයට රඟපාන චරිතයකි... එම නිසා කාදිනල් වහන්සේ සහ පළාත් සභා ඡන්දය ශේප් කරගන්න රිෂාඩ් තව මාස 02-03ක් පමණ ඇතුලේ ඉඳලා කිසිම චෝදනාවක් සහ නඩුත් නැතිව එළියට දමාවි.
මෙයාට පිස්සු... සැක සහිත ත්‍රස්තවාදියෙක් කොහොමද එළියට දෙන්නේ...? මුන්ගේ නීති ,... ඔය ඇතුලේ ඉන්න ඔක්කොම එළියට දාපල්ලා... හිරගෙවල් හිස්කරපල්ලා.
එහෙම කියලා කොහොමද මහත්තයෝ? දැන් ඔය මනුස්සයා පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රී වරප්‍රසාද වලට මුවාවෙලා " මැතිවරණ වාසි බලාපොරොත්තුවෙන් පාස්කු ප්‍රහාරය සඳහා සහරාන්ලාට එයාලටත් නොදන්නා ආකාරයට උඩගෙඩි දුන්නේ විදේශ රහස් ඔත්තුසේවා වල උදව්වෙන්.. ඔයවගේ දේවල් වලට නම් දරාපු විදෙශිකයෙක්ය" කියලා එහෙම කිව්වොත් මොකද වෙන්නේ? දැන් ඔය ගමේ ගොඩේ කතාවෙන්නෙත් ඒ වගේ දේවල්නේ. ඒකයි ඇහුවේ.
ඇත්තටම මේ අය පුදුම බයක් රංජන්ට තියෙන්නේ... මට හිතෙන්නේ ඔක්කෝටම වඩා සර් බයයිනේ... සිංහල ජාතිය කවදා කොන්ද කෙළින් තියන් වැඩක් කරයිද දන්නේ නැහැ. මේ රටට ඔක්කෝටම මුල පාට පක්ෂ දේශපාලනය...
උඩින් එන නියෝග අනුව තමයි මේවා වෙනනෙ
ඔව් එක ඇත්ත... බොදු බල සේනා ගලගොඩ අත්අඩන්ගුවට ගන්න කියල පාස්කු විමර්ශන කොමිසන් වාර්ථාව කියලත් කරෙ නැහැ..., මුස්ලිම් අමාත්‍යවරු කිසි සම්බන්ඳයක් නැහැ කියල කියලත් තාමත් පස්සෙ එලවනවා...
එකම රටක එකම නීතියක් වුණාට මේක නම් ඉහළින් ආපු නියෝගයක් වෙන්ඩ ඇති.