(ඩයනා උදයංගනී)
අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල වකවානු සංශෝධනය කිරීමටත්, රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරාගැනීමට ගතවන කාලය අවම කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට අනුමැතිය හිමිව තිබේ.
එමෙන්ම 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසර 01ක් සහ මාස 09ක කාල සීමාවක් වන සේ ප්‍රතිව්‍යුහගත කිරීමට ද අනුමැතිය හිමිව ඇති අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගතවන කාලය අවම කිරීම මගින් අවම කාලසීමාවක් තුළ ප්‍රථම උපාධි සුදුසුකම ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමටට ද අමාත්‍යවරයා යෝජනා කර ඇත
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්වීම සහ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට ගත වන කාලයත් විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරාගැනීමට ගතවන කාලයත් දීර්ඝවීමෙන් සිසු සිසුවියන් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේදී වයස අවුරුදු 19ක් 20ක් වීම හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේදී වයස අවුරුදු 25ත් 26ක් වන බවත් එම යෝජනාවේ සඳහන් කර ඇති අතර එම තත්ත්වය වෙනස් කිරීම මෙහි අරමුණ වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි දේක පිළිවෙළක් නෑ. අගෝස්තුවෙ කිව්වට ළමයි දන්නවද? මොන අගෝස්තුවෙද කියලා අවුරුද්ද කියන්න ඔනෙ නේද?
මොන අගෝස්තු ද?
මේ සංශෝධනය සාමාන්‍ය පෙළ 2021 ළමයින්ටත් අදාලද.
මේක ළමයි අමාරුවේ දැමීමක්. මේ අගෝස්තුවල සාමාන්‍ය පෙළ තියන්න තරම් ළමයි දැනුවත් වෙලා නැහැ.