(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා කොළඹ ජාතික රෝහලේ වාට්ටු 3ක් වෙන්කර ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ මහතා පැවසීය.
රෝගීන් මෙම වාට්ටුවලට ඇතුළත් කරගෙන පසුව වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කරන බවද ඔහු ප්‍රකාශ කළේය .
අවශ්‍යතාව අනුව රෝහලේ තවත් වාට්ටු කොරෝනා රෝගීන් සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇත.
මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දිවයිනේ සියලුම ප්‍රාදේශීය රෝහල්වල වෙනම වාට්ටු පිහිටුවන්නයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරුන්ට උපදෙස් දී ඇත.
එසේම සෑම දිස්ත්‍රික්කයකම අලුතින් ඇඳන් දහස බැගින් සූදානම් කරන්නැයිද ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd