දිස්ත්‍රික්ක පහකට ග්‍රාම නිලධාරී වසම් නවයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත,කළුතර දොඩම්ගොඩ බෝම්ඹුවල,රත්නපුර පොලිස් බල ප්‍රදෙශයේ ගුඟුල්විටිය, රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර,කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ, ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත,නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ටිර් සහ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩයිස් වත්ත ග්‍රාම සේවා වසම් මෙසේ හුදකලා කර ඇත