(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයින් තවත් 1,046 දෙනෙක් ඊයේ (3) දිනයේ දී වාර්තා විය.
මෙම ආසාදිතයින් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,12,799 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතරින් ආසාදිතයින් 13,815 දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති. එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 967 දෙනෙක් සුවය ලබා ඊයේ (3) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 98,209 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 696 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම අපිනේ ලෝකෙන්ම කොරෝනාව ෂෝක් එකට පාලනය කරලා තියෙන්නේ. වෙන රටවල කොරෝනා රෝගීන් සිටියට, ලංකාවේ ඉන්නේ මිනිස් බෝම්බ.. මේ මිනිස් බෝම්බ වලින් හෝ කීයක් හරි කඩා ගන්න මාර්ගයක් තියනවද කියල තමයි මම නම් මේ දවස් වල කල්පනා කරමින් ඉන්නේ? අනික ඉතින් කොරෝනා වලින් හෝ අපි ගොඩයන මාර්ගයක් සොයා ගැනීම අපේ ජාතික අනන්‍ය තාවය පත් වෙලානේ දැන්...