(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය යටතේ පවතින රෙදිපිළි දෙපාර්තමේන්තු අධ්‍යන අංශයේ අවසාන විභාගයට සහභාගි වු ළමුන් හය දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
විභාගයට පෙනී සිටි සිසුන් 60 දෙනකු අතර සිදු කරනු ලැබූ පී.සී.ආර් පරික්ෂණයෙන් මෙම ළමයින් හය දෙනා හඳුනා ගෙන ඇත.
සිසුන්ගේ උගුරේ ආබාධ සහ මද උණ ගතිය වැනි රෝග ලක්ෂණ පහළ වූ හෙයින් මතු වු සැකය මත සිසුන් පිටස්තර ස්ථානයකින් පී.සී.ආර් පරීක්ෂණ සිදුකරගෙන ඇති අතර එහිදී කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd