
(යොහාන් භාසුර)
පාම් තෙල් ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මැලේසියා සහ ඉන්දුනීසියා තානාපතිවරු වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මැලේසියානු මහකොමසාරිස් යැන්ග් තායි ටාන් සහ ඉන්දුනීසියානු තානාපති අයි. ගුස්ති නුරාග් ආදියාසා යන මහත්වරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ අද (03) වෙළෙඳ අමාත්‍යංශයේදී මේ පිළිබඳව සාකච්ඡා කළහ.
මැලේසියාව සහ ඉන්දුනීසියාව ශ්‍රී ලංකාවට පාම් තෙල් සපයන ප්‍රධානම රටවල් දෙක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්ඩ දෙයක් නැහැ. වාසියක් වෙනවනම් ඉක්මනට විසදුමක් දෙයි.
අපිට වස තෙල් දීලා අපිව මරන්න හදන්නේ.
එතකොට අපි කන්න බොන්න ඕන එයාල කියන විදියටද? මාර බලපෑම් තමා එන්නේ.
පුහුල් හොරා කරෙන් දැනේ...මේවා තමා නියම බහුජාතික කොම්පැණි මාෆියා.. හෙට කිරිපිටි තහනම් කළොත් බලන්න පුළුවන් අනික් සෙට් එක... තනිකර විෂ මිනිස්සුන්ට කවල පොවල එහේ මිනිස්සු ඉන්නවා සුර පුරේ වගේ.. මොකද කොරෝනා රැලි 10ක් ආවත් රට වහල තමන්ගේ මිනිස්සු ටික රකින්න ඒ මිනිස්සුන්ට සල්ලි තියනවා..
සිංහයා ආයෙත් මෙල්ල වීමට නියමිතයි.
ගැටළු, ප්‍රශ්න ....අරවා ... මේවා අපිට වැඩක් නැහැ. පාම් තෙල් අපේ රටට එපා. ලෝකයේ බොහෝ රටවල පාම් තෙල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ රටවල විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා පාම් තෙල් වල " පිළිකා කාරක " හෙවත් carcinogen තිබෙනබව. ඒ රටවල් බැඳී සිටිනවා තමන්ගේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරන්න. ඒ නිසා ඒ අය පාම් තෙල් භාවිතය තහනම් කළා. ඒ ගොල්ලෝ එක එක රටවල තානාපතියන්ගේ දුක් අන්දොනාවන් වලට ඇහුම්කන් දුන්නේ නැහැ. එක එක රටවලින් " අල්ලස් " අරගන්නෙත් නැහැ.
කියක් හරි අත මිට මොලවලා වැඩේ ගොඩ දාගනි වගේ
එහෙනම් හරි... ජනතාව වස කන්න ලෑස්තිවෙලා ඉන්න...