
( තිළිණි ද සිල්වා )
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ලබන ජුනි මාසයේදී නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.
ආසියා කලාප වල සිදු කරන සංචාරයක කොටසක් ලෙස චීන විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
විදේශ ඇමති වැන්ග් පසුගිය සතියේදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සමඟ අන්තර්ජාල රැස්වීමක් ඇමතූ අතර එහිදී ඔහු කොවිඩ් වසංගතය පිටුදැකීම සහ දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ කලාපීය සහයෝගීතාව පිළිබඳව සෙසු රටවල විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වත්මන් අයිතිකාරයා මොකද දන්නෑ කට්ටියවම මෙහෙ එවන්නේ? සමහර විට වරාය නගර පනත කිසිඳු සංශෝධනයක් රහිතව සම්මත කරන්න අපේ නිර්භීත ජනාධිපතිතුමාට බල කරන්නවත් ද?
දේශනා නම් කාට දෙන්න බැරිද.?
මොනවටද මෙහෙ බඩගාන්නේ....?
කොරෝනාවල ප්‍රගතිය හොයන්න බලන්න වෙන්න ඇති... නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ලබන ජුනි මාසයේදී නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කියවේ. ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් වැදගත් භූගෝලිය පිහිටීමක තිබෙන නිසා බලවත් රටවල් ලංකාව පිලිබදව අවධානයෙන් සිටි. චීනය සහ ඇමෙරිකාව යන රටවල් අතරින් ඇමෙරිකාව චීනයට වඩා ඉහල වටිනාකම ලබාදිය හැකි රටකි. නමුත් ඇමෙරිකාව යනු මහා බිල්ලකු වශයෙන් ලංකාවේ වෙසෙන මහනායක බික්ෂුන් වහන්සේලා සහ ඉතාම සිමිත අන්තවාදී දේශපාලන පක්ෂ විසින් හදුන්වනු පෙනේ. එම බොරු මිත්‍යාව වෙනස කිරීමට කොරෝනා නිසා උදාවි ඇත. එම මතය දුරු කිරීමට හොදම වෙලාවද මේ අවස්ථාව වේ. රාජපක්ෂ රජයක් යටතේ එය කල හැකිනම් අනාගතයේදී ලැබෙන්නාවූ ප්‍රතිඵල ඉතා ඉහල මට්ටමක් පවතී. මේ අවස්ථවේ කල යුතුවන්නේ ඇමෙරිකානු ගුවන් හමුදා හෝ නාවිකය රැගත් නැවක් හම්බන්තොට වරයට හෝ මත්තල ගුවන් තොටුපලට පැමිණ කොරෝනා සදහා වෛද්‍ය උපකරණ ලබාදීමට කට යුතු කිරීම වේ.එසේ පැමිණෙන නාවික හෝ ගුවන් හමුදාවන් විසින් ඇමෙරිකානු තානාපතිනිය සහ ජපාන තානාපතින් මැදිහත්ව මල්වතු අස්ගිරි සුවමින් වහන්සේලා සහ වර්තමාන රජය බිහි කිරීමට මුලිකවූ භික්ෂන් වහන්සේලාට බහ දැක දානමය පුණ්‍ය කර්මයක් කිරීම වැදගත් වේ.
එසේ නොමැතිනම් ඔවුන් මුණගැසී සුහදත්වයක් දැක්වීමක් කල යුතුවේ. මෙම අනවශ්‍ය බිය නිසා රටට අනාගතයක් නොමැත. නායක භීක්ෂුන් වහන්සේලාට මේබව අවබෝධ කළ යුතුව තිබේ. ලංකාව මේවන විට තිබෙන්නාවූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලෝකයේ බලවත් රටවල සහයෝගයක් අත්‍යවශ්‍ය වේ. ඇමෙරිකාව ලංකාවට දියුණු වීමට නෙවරදීම සහයෝගය ලබාදෙනු ඇත. එවිට ලෝකයේ බලවත් රටවල් අපට සහයෝගය ලබාදෙනු ඇත. එම සහයෝගය ලබාගැනීමට මෙම රටතුල තිබෙන්නවූ ජාත්‍යන්තර කුමන්ත්‍රණ බිය තුරන් කල යුතුවේ. ලංකාව කිසිසේත්ම බෙදීමට හෝ වෙනත් රටවලට කිසිදු අවශ්‍ය තවක් නොමැත. ඇමෙරිකාව සමග එක්ව සිටින ආසියාවේ බලවත් ගනුදෙනුකරුවන් වන ජපානය සහ කොරියාවට හෝ ඉන්දියාවට කිසිදු හානියක් වී නොමැත. ලංකාව කුඩා රටක් නිසා ඉදිරි වසර 10 තුලදී වේගවත් දියුණුවක් ලැබීමට නම් අපට සක්තිමත් ගනුදෙනු කරුවන් සමග එක්ව සිටිය යුතුවේ. බුදුන් වහස්න්සේ කියා තිබෙන්නේ කිසිවකුට හානි නොවන ආකාරයට උපක්‍රම යෙදවීම කල යුතු බව සහ කල හැකි බව මා අසා ඇත්තෙමි . මේ මගේ පුද්ගලික මතය වේ.
අපි චීන සෞඛ්‍ය ඇමැතිතුමාටත් ආරාධනාකර ගෙන්වාගෙන චීනයේ කොරෝනා බෝවීම වළක්වාගත් ක්‍රම ඉගෙන ගනිමු. චීනය තමයි කොරෝනා රෝගය වළකා ගත් රට...
දැන් මේවා පත්තරේ දානන එපා . ඉස්සරහට හැමදාම එයි