
(නිමන්ති රණසිංහ)
කොවිඞ් වසංගත තත්වයත් සමඟ නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ‍්‍රී ලංකාව දෙසට පැමිණෙන සංක‍්‍රමණිකයන් හේතුවෙන් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.
ඒ අනුව පැය 24 පුරා ක‍්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත් බව නාවික හමුදා මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ස`දහන් කර ඇත.
වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීම සඳහා වෙරළබඩ සහ ගැඹුරු මුහුදේ නාවික හමුදා යාත‍්‍රා සහ නෞකා මුර සංචාර වැඩි කිරීමටත්, අන්තර්ජාතික මුහුදු සීමාව ආසන්නයේ නාවික හමුදා වේග මුර යාත‍්‍රා සහ වේග ප‍්‍රහාරක මුර යාත‍්‍රා මුර සංචාරයේ යෙදවීමටත් පියවර ගෙන ඇති බව එම නිවේදනයේ සදහන් වෙයි.
එසේම, ගොඩබිමට ආසන්න මුහුදේ ආරක්ෂාව තර කිරීමට වෙරළබඩ නිරීක්ෂණ මුර යාත‍්‍රා මුර සංචාරයේ යෙදවීමටත්, වෙරළ තීරයේ ආරක්ෂාව තර කිරීම සඳහා නාවික හමුදා පාමුර සංචාර මෙන්ම තෝරා ගත් ස්ථානයන්හි නාවික හමුදා වෙරළ නිරීක්ෂණ ස්ථාන ස්ථාපිත කිරීමටත් කටයුතු කර ඇති බව ද එම නිවේදනයෙන් දක්වා ඇත.
නීති විරෝධී සංක‍්‍රමණිකයින් පැමිණිම සම්බන්ධයෙන් කිසියම් සැක සහිත ක‍්‍රියාකාරකමක් නිරීක්ෂණය වුවහොත් වහාම අදාළ බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත් විදේශීය පුද්ගලයින් සමඟ මුහුදේදී සම්බන්ධයන් පැවැත්වීමෙන් වළකින ලෙසත් ප‍්‍රදේශයේ ධීවර ප‍්‍රජාව දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බව සදහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත ලංකාවේ අත්‍යවශ්‍ය වෙන්නේ වෙරල ආරක්ෂක බළකාය සහ ගුවන් ආරක්ෂණ බලකායයි. ලෝකෙන්ම හොදම වෙරල ආරක්ෂක බළකාය බවට පත් කරොත් ලංකාවේ ආරෂාව ගැන සහතික වියහැක. මේ බලකාය දියුණු කිරීමට නිසි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.
එතකොට ආණ්ඩුවේ ගජ මිතුරු කට්ටිය ගෙනත් සමහර හෝටල් වල හංගාගෙන ඉන්න ඉන්දියන් අයට මොකද කරන්නේ..?