57600 කට ඡන්දය එපාවෙයි පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 150,000 ක් තැපැල් කාර්යාලවලින් රැගෙන ගොස් නැතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 06 August 2020
කරමුලින් කැඩිය යුතු අලුත්ම තාලේ සොරකම් අඹ ගසකින් ගෙඩි කැඩීම වරදක් නොවේ. එහෙත් අඹ ගස අයිති තමාට නොව අන් අයකුට නම් එය වරදකි. එහෙත් ඒ වැරැදි බරපතළ අපරාධ ගණයට වැටෙන්නේ නැත. එහෙත් අඹ ගසින් පිරි වත්තකට බලහත්කාරයෙන් ඇතුළු වී ලොරි ගණනින් පලදාව කඩාගැනීම බරපතළ සොරකමකි. බලහත්කාරකම පෙන්වීමකි. දැඩිව දඬුවම් ලැබිය යුතු අපරාධයකි. තංගල්ල මාරකොල්ලියේ පෞද්ගලික සමාගමකට අයත් අඹ වත්තක පසුගියදා මේ ආකාරයේ සොරකමක් සිදුව තිබිණි. 06 August 2020
ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කරයි ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් විසින් අද (08) පියවර ගනු ලැබීය. 06 August 2020
ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ මංතීරුවක් අවහිරයි ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම රෙටි හවුස් හන්දිය අසළදී මාර්ගයට විශාල කැන්ද ගසක් කඩා වැටීමෙන් මංතීරුවක් මුළුමනින්ම අවහිර වී තිබිණි. 06 August 2020
බේරූට් වරාය නිලධාරීන් කිහිපදෙනකු නිවාස අඩස්සියේ ලෙබනනයේ සිදුවූ දැවැන්ත පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් බේරූට් වරාය නිලධාරීන් කිහිපදෙනකු නිවාස අඩස්සියේ තබා ඇතැයි ලෙබනන් රජය පවසයි. 06 August 2020
ලොවපුරා කොරෝනා මරණ ලක්ෂ හත ඉක්මවයි රොයිටර් පුවත් සේවය විසින් සිදුකළ ගනණය කිරීම් වලට අනුව ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 700,000 ඉක්මවා ඇතැයි වාර්තා වේ. 06 August 2020
ලෙබනන් පිපිරීමෙන් මියගිය ගණන 135 ක් දක්වා ඉහළට ලෙබනනයේ බීරූට් අගනුවර සිදු වූ දැවන්ත පිපිරීමෙන් මියගිය ගණන 135ක් දක්වා ඉහළ ගොස් ඇත. 05 August 2020
තවත් කොවිඩ් ආසාදිතයෙක් තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග අංශය සඳහන් කරයි. 05 August 2020
අපේක්ෂක ඩිෆෙන්ඩරයේ හැපුණු යුවලට බරපතලයි ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් ඩිපෙන්ඩර් රියක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් යුවලක් බරපතල තුවාල සහිතව මීරිගම රෝහලට ඇතුළත් කර ඇතැයි මිරිගම පොලිසිය කියයි . 05 August 2020
ඡන්ද ස්ථානාධිපතිවරු දෙදෙනෙකුට ක්ලාන්තය හැදිලා මැතිවරණ රාජකාරියේ යෙදී සිටි ඡන්ද ස්ථානාධිපතිවරු දෙදෙනෙකු අද (5) පස්වරුවේ හදිසියේ ක්ලාන්තවීමෙන් ප්‍රතිකාර ලබාදීමට සිදුවී ඇති අතර කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් මගින් එම ඡන්ද මධ්‍යස්ථානයන්හි ඉදිරි කටයුතු සිදුකළ බව මැතිවරණ කටයුතු භාර නිලධාරියෙක් පැවසීය. 05 August 2020
පහරදීමකින් ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකු රෝහල්ගත කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ආධාරකරුවන් බව කියන දෙපිරිසක් අතර අද (05) සවස පන්නල එලිවිල මාර්ගයේ මාකඳුර ප්‍රදේශයේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම නිසා ඇතිවූ පහරදීමක් හේතුවෙන් පන්නල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සඳලංකා දිසා රෝහලට ඇතුලත් කර ඇතිබව පන්නල පොලීසිය කියයි. 05 August 2020
මැතිවරණය සාමකාමී බව නිරීක්ෂකයෝ කියති මහ මැතිවරණ ඡන්ද විමසීම සාමකාමී අයුරින් පැවැත්වුණු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. 05 August 2020
හොරෙන් ඡන්දය දන්න ගිය ලංකාපූර ප්‍රා. සභාපති පුනානි යවයි නිරෝධායන නිතී අනුව නිවස තුළ ස්වයං නිරෝධායනය කර සිටියදී ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනෙකු හොරෙන් ගොස් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වර්තාවේ. කෙසේ වෙතත් ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනා නිරෝධායනය කිරිම සදහා වහාම පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ලංකාපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 05 August 2020
වවුනියාවේ ඡන්ද ප්‍රකාශය සියයට 74 ඉක්මවයි 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ වන්නි මැතිවරණ කොට්ඨාසයේ ඡන්දය ප්‍රකාශ කිරීම 74% ඉක්මවා ඇති බව වන්නි මැතිවරණ තේරීම්භාර නිලධාරී එස්.එම්.සමන් බන්දුලසේන මහතා පැවසීය. 05 August 2020
සජිත් හවස 4.45 ට ඡන්දය දාන්න එයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා වීරවිල කුඩාගම්මාන 07 හි පිහිටි හ/අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයට අද (5) පස්වරු 4.45 ට පැමිණියේය. 05 August 2020
ඕස්ට්‍රේලියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් අදින් වාර්තා වෙයි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (5) දිනයේ කොරෝනා ආසාදිතයින් 725 දෙනෙකු හා ආසාදිත මරණ 15 ක් වාර්තා වී තිබේ. 05 August 2020
ඡන්ද විමසීම අවසන් ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහා පැවති මහමැතිවරණය අද (5) පස්වරු 5 ට අවසන් විය. 05 August 2020
ඡන්දය සළකුණු කරමින් සිටි කතක් මිය යයි අළුතැපොල වලගම්බා මහා විද්‍යාලයීය ශාලා අංක දෙක ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සළකුණු කරමින් සිටි කාන්තාවක මරණයට පත්ව ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය කියයි. 05 August 2020
බීරූට් වරායේ පිපිරීමෙන් ලක්ෂ 3 කට නිවාස අහිමි වෙයි බීරූට් හි සිදුවූ දැවැන්ත පිපිරීමෙන් 300,000 ක පමණ පිරිසකට නිවාස අහිමි වී ඇති අතර නගරයෙන් අඩකට පමණ හානි සිදුවී තිබේ. මෙම පිපිරීමෙන් සිදුවූ හානිය ඩොලර් බිලියන 3 කට වඩා වැඩි යැයි ගණන් බලා ඇතැයි බීරූට්හි ආණ්ඩුකාරවරයා කියයි. 05 August 2020
ලෙබනන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට දුරකතන අංක 4 ක් බීරූට් වරායේදී සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පසුව කරදරයට පත් ශ්‍රී ලාංකිකයන්ට සන්සුන්ව සිටින ලෙසත් අවශ්‍ය වුවහොත් ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන ලෙසත් ලෙබනනයේ බීරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා සිටී. ඒ සඳහා ඇමතීමට දුරකතන අංක 4 ක් ලෙබනනයේ බීරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දී තිබේ. 05 August 2020
දැඩි සුළං - රළු මුහුද - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් කන්කසන්තුරයේ සිට හම්බන්තොට, මන්නාරම, කොළඹ සහ ගාල්ල යන දිවයින වටා මුහුදු ප්‍රදේශ දැඩි රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් - 70 ත් වේ. 05 August 2020
වෙඩි ප්‍රහාර 8 කින් පසු මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගිනිගනී එස්. එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තාට ටී56 වර්ගයේ ස්වයං ක්‍රිය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 8ක් එල්ල කර ඇති බවත්, ඒ සමඟ ම ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන මුළුමණින්ම දැවී ගොස් ඇති බවත් අද(05) උදෑසන අනුරාධපුර දහයියාගම හංදිය දුම්රිය හරස් මාර්ගය අසළදි සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වලදී අනාවරණය විය. 05 August 2020
සුවය ලැබූ 13ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 13දෙනෙකු අද(05) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 05 August 2020
බීරුට්හි පිපිරීමෙන් ලෙබනනයේ සිටි ලාංකිකයන් දෙදෙනෙකුට තුවාල ලෙබනනයේ බීරූට් නගරයේ සිදු වූ පිපිරීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර බේරූට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලට සහ තානාපති කාර්යාලයේ සේවකයින් බොහෝ දෙනෙකුගේ නිවාසවලට ද හානි සිදු වී ඇතැයි ලෙබනනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න මහත්මිය පැවසුවාය. 05 August 2020
මනාප අංක සහිත පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක කිත්සිරි කහටපිටිය මහතාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහුගේ රුව සහ අංකය සදහන් කුඩා කාඩ්පත් බෙදා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බුලත්සිංහල ගලහේන හන්දියේ දී කැබ් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි. 05 August 2020
අපේක්ෂකයෙකුගේ මනාප අංකය මුද්‍රිත කාඩ්පත් බෙදලා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අපේක්ෂකයෙකුගේ මනාප අංකය මුද්‍රිත කාඩ්පත් බෙදමින් සිටි පුද්ගලයෙකු අද (05) කළුබෝවිටියන, බන්ඩත්තර කන්ද මංසන්ධිය අසළදී අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි. 05 August 2020
ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය හෙට පස්වරු 2.30ට මහමැතිවරණයේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය හෙට (6) පස්වරු 2.30 වන විට නිකුත් කිරිමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 05 August 2020
කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 67ක් ලැබිලා මහමැතිවරණ ඡන්ද විමසීම ආරම්භ වූ අද (5) පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා කාලයේදී මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 67 ක් ලැබී ඇති බව කැෆේ සංවිධානය පවසයි. 05 August 2020
ඡන්ද මධ්‍යස්ථානය ළඟ අපේක්ෂකයකුගේ රුව සහිත අත්පත්‍රිකා බෙදලා පානදුර කුරුස හන්දිය සුධර්ශනාරාමයේ ජන්ද මධ්‍යස්ථානය අසල මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුගේ රුව සහිත අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි. 05 August 2020
’ඡන්දය සළකුණු කිරීමේ ඡායාරූප-වීඩියෝ සමාජ ජාලාවල පළකිරීමෙන් වළකින්න’ මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සළකුණු කරනලද පත්‍රිකා ඡායාරූප ගත කර හෝ වීඩියෝ ගතකර සමාජ ජාලා ඔස්සේ මුදාහැරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනතාව වෙන දැනුම් දෙයි. 05 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026