බීරූට් පිපිරීමෙන් රෝහල් තුනක් සම්පූර්ණයෙන් විනාශයි ලෙබනන අගනුවර මධ්‍යයේ අද (5) සිදු වූ දැවන්ත පිපිරීමෙන් රෝහල් තුනක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් රෝහල් දෙකකට දැඩි හානි සිදු වී ඇතැයි ද “ඔඩර් ඔෆ් නර්සස් ඉන් බීරූට්” සංවිධානයේ සභාපති වෛද්‍ය මිර්නා ඩූමිට් මහත්මිය ප්‍රකාශ කළාය. 05 August 2020
ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම් ඡන්දය ගණන් කිරිමේ පරිශ්‍රයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨයට බීමත්ව පැමිණ ආරවුලක් ඇති කර ගත් වේයන්ගොඩ පොලිසියේ පොලිස් පරික්ෂකවරයකුගේ සේවය අත්හිටවූ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි . 05 August 2020
පිපිරීමෙන් මිය ගිය ගණන 78 දක්වා ඉහළට ලෙබනනයේ බීරූට් අගනුවර, නගර මධ්‍යයේ ඊයේ (4) සිදු වූ දැවැන්ත පිපිරීමෙන් 78 දෙනකු මියගොස් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි එරට වාර්තා සඳහන් කරයි. 05 August 2020
වැලිමඩ ඡන්දය දෙන්න ආ පිරිසකට බඹරු අනී වැලිමඩ ගුරුතලාව ශාන්ත තෝමස් විදුහලේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයට අද (05) උදෑසන ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයන් පිරිසකට බඹර ඇනීමෙන් එක් අයෙක් තුවාල ලැබූ බව පොලිසිය කියයි. 05 August 2020
ඡන්ද මධ්‍යස්ථානයේ අසනීප වූ පුද්ගලයකු මරුට පානදුර බෙක්කේගම මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථාන භූමියේ දී හදිසියේ අසනීප වූ පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව පානදුර රෝහල් පොලිසිය කියයි. 05 August 2020
උදෙන්ම ගොස් ඡන්දය දාන්න මේ රටේ ඡන්දදායකයා රජ වෙන හෝරාව එළැඹ තිබේ. එහි වටිනාකම අවබෝධ කර ගනිමින් අද (05) උදෑසනින්ම සූදානම් වී ඡන්ද පොළට ගොස් තම ඡන්දය ප්‍රකාශ කිරීම සියලු ඡන්දදායකයන්ගේ වගකීම වෙයි. වෙනදා මෙන් නොව මෙවර ඡන්ද පොළේදී තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැනක් දීමට ද අමතක නොකළ යුතුය. තමන්ගේ ආරක්ෂාව සෙසු සියලු දෙනාගේම ආරක්ෂාව ද වන බැවිනි. 05 August 2020
ලෙබනනයේ බීරූට් පිපිරීමෙන් 10ක් මියයති ලෙබනනයේ බීරූට් අගනුවර, නගර මධ්‍යයේ සිදු වූ පිපිරීමෙන් දස දෙනකු මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 05 August 2020
රියදුරුත් කොන්දොස්තරත් ලංගම බස් රථයෙන් ගංජා ඇදලා මන්නාරම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක කේරල ගංජා ප්‍රවාහනය කළ රියදුරු හා කොන්දොස්තර පුත්තලම මුලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 05 August 2020
ලෙබනන පිපිරීමෙන් සිය ගණනක් තුවාල ලබති ලෙබනනයේ බීරූට් අගනුවර සිදු වූ දැවැන්ත පිපිරීමෙන් සිය ගණනකට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 August 2020
ලෙබනනයේ බීරූට් අගනුවර දැවැන්ත පිපිරීමක් ලෙබනනයේ, බීරූට් අගනුවර දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි ද ගොඩනැගිලි ගණනාවක් සෙලවීමට ලක්වා ඇතැයි ද කිලෝමීටර ගණනාවක් ඈතින් පිහිටි ගොඩනැගිලිවල පවා වීදුරු බිඳී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 August 2020
ඇෆ්ගනිස්තානයේ බන්ධනාගාරයකට අයි.එස්. ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද්හී බන්ධනාගාරයක දී ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුමකින් ඉස්ලාමික් ස්ටේට් සටන්කාමීහු දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 04 August 2020
තවත් කොරෝනා ආසාදිතයින් 6 ක් කොරෝනා වයිරසය ආසාදිතයින් හය දෙනෙකු අද (04) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2834 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 04 August 2020
සිංගප්පුරුවෙන් සංචරණ කටයුතු සදහා නව පියවරක් විදෙස් රටවලින් පැමිණෙන සංචාරකයින් හා රැකියාවල නිරතවන්නන් සංචරණ කටයුතු සිදුකිරීමේ දී පැළඳ සිටිය යුතු නව උපකරණයක් හඳුන්වා දීමට සිංගප්පුරු රජය පියවර ගෙන තිබේ. 04 August 2020
ප්‍රේමලාල්ගේ මරණීය දණ්ඩනය වෙනුවෙන් අභියාචනා පෙත්සමක් රත්නපුර මහාධිකරණයේ දී පසුගිය 31 වැනිදා මරණිය දණ්ඩනය නියම වූ හිටපු රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් අභියාචනා පෙත්සමක් ඔහුගේ නීතිඥයින් විසින් රත්නපුර මහාධිකරණයට අද (04) වැනිදා ඉදිරිපත් කළේය. 04 August 2020
සම්පායෝ 18 තෙක් රිමාන්ඩ් මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අගෝස්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුරිය මහත්මිය අද (4) නියෝග කළාය. 04 August 2020
මැතිවරණයට විදෙස් නිරීක්ෂකයින් නෑ කොරෝනා වසංගත තත්ත්වය සමඟ විදෙස් ගමන් අවහිර වීම හේතුවෙන් මෙවර මැතිවරණයට විදේශීය නිරීක්ෂකයින් නොපැමිණෙන බව පැෆරල් සංවිධානය පවසයි. 04 August 2020
දියණිය ඝාතනය කළ පියාට මරණ දඬුවම තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ප්‍රමිල රත්නායක මහතා අද (4) මරණ දඬුවම නියම කළේය. 04 August 2020
තවත් 7ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 7දෙනෙකු සුවය ලබා අද(04) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 04 August 2020
විදෙස් රටවල සිටින පිරිස් ශ්‍රී ලංකාවට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි මහ මැතිවරණය හේතුවෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද (4) සිට ලබන 8 වැනිදා තෙක් යළි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත. 04 August 2020
රජයට පිටුපා පෞද්ගලික වෙළෙඳුන්ට වී විකුණති රජයේ සහතික මිලට ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 18ක් මේ වනවිට විවෘත කර සතියක පමණ කාලයක් ඇතැත් වී ඇටයක්වත් මෙතෙක් වී අලෙවි මණ්ඩලයට ලැබී නැතැයි වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. 04 August 2020
දඹුල්ලේ සම්බාහන මධ්‍යස්ථාන දෙකක 13 ක් නිරෝධායනයට නිරෝධායන නීතියට පටහැනිව රූපලාවන්‍යගාර පවත්වාගෙන යන මුවාවෙන් සම්බාහන මධ්‍යස්ථාන සහ විවිධ ලිංගික උත්තේජන කටයුතු සිදුකළ දඹුල්ල ඉනාමළුව ස්ථාන දෙකක් වටලා 13 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට දඹුල්ල සහ සීගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (4) පියවර ගත්හ. 04 August 2020
පැමිණිල්ල සංශෝධනය කිරීමෙන් සැකකරුට ඇප කටඋත්තරයක් ලබා දීම සඳහා පොලීසියට ගිය පසු මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ්භාරයට පත්කළ තිදරු පියෙකු එකී පැමිණිල්ල පොලීසිය විසින් සංශෝධනය කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කිරිමට රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනතා රෝෂිනී පෙරේරා මහත්මිය අද (04) නියෝග කළාය. 04 August 2020
නාකොටික් නිලධාරීන් 13 දෙනා රිමාන්ඩ් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 13 දෙනා අගෝස්තු 18 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (4) නියෝග කළාය. 04 August 2020
බොරු සාක්කි දුන් උප පොලිස් පරීක්ෂක රිමාන්ඩ් බොරු සාක්ෂි ලබාදුන්නැයි කියන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන ලද උප පොලිස් පරීක්ෂකවරයා ලබන 7 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතතරක ලෙස බාරයේ තබන ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (04) නියම කළේය. 04 August 2020
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරකට පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ඡන්ද පෙට්ටි,ඡන්ද පත්‍රිකා හා අනිකුත් ලිපි ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අනතුරකට ලක්වී ඇති බව අක්මීමන පොලිසිය පවසයි. 04 August 2020
මැනිලා නුවරට යළිත් අගුළු දමයි කොරෝනා ආසාදිතයින් වැඩිවීම හේතුවෙන් පිලිපීනයේ මිලියන ගණනක් ජනතාව සඳහා නැවත අගුළු දැමීම ක්‍රියාත්මක කිරීමට එරට රජයට සිදුවී තිබේ. 04 August 2020
බුදුන්ගේ දකුණු දළදාව ඇත්තේ විල්ගම් වෙහෙරේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව නිදන්කොට සෝමනම් නුවර කරවන ලදැයි කියන දාගැබ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල පුද බිමට කි.මී. 4ක් පමණ උතුරු දෙසින් තිබෙන විල්ගම් වෙහෙර දාගැබ බවට පිළිගත හැකි සාධක අනුව නිගමනය කළ හැකි බව ත්‍රිකුණාමලය පුරාවිද්‍යා අධ්යක්ෂ ආචාර්ය අර්ජුන තන්ත්‍රිගේ මහතා පවසයි. 04 August 2020
සමාජ මාධ්‍යයන්හි නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉහළ ගිහින් මැතිවරණ නිහඬ කාලයේදී සමාජ මාධ්‍ය ජාලා මගින් කෙරෙන නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු අපේක්ෂා නොකළ ආකාරයෙන් ඉහළ ගොස් ඇතැයි ද එය බරපතල තත්ත්වයක් යැයි ද මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි. 04 August 2020
අංගොඩ ලොක්කා මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් ‘‘අංගොඩ ලොක්කා’’ ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ දී මියගොස් හොර රහසේම ආදාහනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 04 August 2020
බොරු සාක්කි ලබා දුන්නැයි උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව 2014 වසරේ දී පවතින නඩු කටයුත්තකට අදාළව බොරු සාක්කි ලබා දීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 04 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026