(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන පිපිරීමකට ලක්වූ රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් විශාල හානියක් සිදුවුවහොත් එය වැලැක්වීම සඳහා අවශ්‍ය හදිසි ආරක්‍ෂක පියවර ගැනීමේ සියලූම උපකරණ වරාය තුළ ස්ථානගත කළ බව සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසන්නීය.
මෙම නෞකාවෙන් මේ දක්වා තුන්වැනි ශ්‍රේණියේ හානියක් සිදුවී ඇති බවට ඇස්තමේන්තු කර තිබෙන බවත් තෙල් කාන්දුවක් හෝ තෙල් විසිර යෑම වැනි හානියකට මුහුණ දීම සඳහා මේ වන විටත් හදිසි ආපදා කණ්ඩායම සූදානම් කර ඇති බවත් දර්ශනී ලහඳපුර මහත්මිය කියන්නීය.
හදිසි තත්වයක් ඇති වුවහොත් අවට රටවලින් ද සහයෝගය ලබාගැනීම සඳහා මේ වන විටත් කටයුතු කර ඇති බවත් මේ දක්වා එවැනි අධි අවදානමක් නොමැති බවත් සභාපතිනිය සඳහන් කළාය
නෞකාව ශ්‍රී ලංකා මුහුදු කළාපයෙන් ඉවත්කරගන්නා ලෙස මේ වන විට ලිපි දෙකක් යොමුකර ඇති බව පැවසූ සභාපතිනිය කියා සිටියේ නෞකාවෙන් මුහුදු ප‍්‍රදේශයට මෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයට වියහැකි හානිය අවම කිරීම ප‍්‍රධාන අරමුණ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවේ ගින්න ඇතිවූ අවස්ථාවේම අන්තර්ජාතික සයුර කරා නෞකාව රැගෙන ගියා නම් ඇතිවෙන්නට තිබෙන විනාශයන් අඩුකිරීමට තිබුණා.
ඇත්තටම මේ තත්ත්වයනම් මම කියන්නෙ ලංකාවට හොද නෑ කියල.... මේ වගේ ගින්නකුත් ලංකාවට නිවා ගන්න බැරි නම්, ඒ සදහා අවශ්‍ය සිසිල්කාරක... උපරණ... යාත්‍රා නැතිනම් කොහොමද අපි අන්තර් ජාතික මුහුදු මාර්ගය වැටී ඇති ලංකාවට අයිති කොටසෙහි ගමන් ගන්නා නෞකාවලට සුරක්ෂිතභාවයක් ලබාදෙන්නෙ....?
සාමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය නීතීඥවරියක්. මීට වැඩිය පරිසරය ගැන දන්නා අයෙකු රටේ නැතිව ඇති.. සමහරවිට මේ තනතුර සඳහා පත් කරන්න. නැව පිපිරෙන හෝ සම්පූර්ණයෙන් ගිනිගන්නා බවක් කලින් කීවේ නැහැ. දැන් කියනවා පිපිරීම ඇති වුණොත්, සූදානම් කියලා. මේ බව කලින්ම විදෙස් රටවලට දන්වලා පියවරක් ගන්නයි තිබුණේ. මේ අයගේ නොහැකියාව තමයි මෙයින් පෙන්නුම් කරන්නේ...
පුදුම වැඩේ කියන්නේ ලංකාව ගාවටම ඇවිල්ලනේ හැම නැවක්ම ගිනි ගන්නේ... කියලා ගෙන්වා ගන්නවා වත්ද?
අතිගරු විශේෂඥ රෝහිත ඇමැතිතුමාගෙන් උපදෙස් අරන් වැඩකරන්න ඔයාලා... එතුමා දුරකථන ඇමතුම් අරන් කෙළින්ම උපදෙස් දීලා ඔය ගින්න නිවාවි.
ජනපතිගේ ඉඳලම හැමකෙනාම කටින් සුදානම්. ඒත් වැඩේ කෙරෙනකොට ෆේල්