
(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා වයිරසය පැතිරීම නතර කළ හැක්කේ මුළු දිවයිනම දින දා හතරක් අඛණ්ඩවම වසා දැමූව හොත් පමණකැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
එසේ කටයුතු නොකර මේ තත්වය කිසිසේත්ම පාලනය කළ නොහැකි යැයි පැවැසූ විතාරණ මහතා කොරෝනා පාලනයට රට දින දෙක තුනක් පමණක් වැසීම ප්‍රතිඵලදායක නැතැයිද සඳහන් කරයි.
රට දින දාහතරක් වැසිය යුතු බවට වෛද්‍ය විශේෂඥයන් කරන ප්‍රකාශ සත්‍යයක් යැයිද ඔහු කියයි.
රටේ දැනට පවතින්නේ ඉතාම දරුණු තත්වයක් බවත් රට ඛේදවාචකයක් දක්වා ගමන් කරමින් සිටින බවත් තිස්ස විතාරණ මහතා පවසයි.
මේ තත්වය මෙතනින් පාලනය කරගත නොහැකි වුවහොත් දහස් ගණනින් මැරී වැටෙන තත්ත්වයක් ඇති විය හැකි බවද මහාචාර්යවරයා කීවේය.
රට දින දාහතරක් වසා ඇති අවස්ථාවේදී ජනතාව සෞඛ්‍ය නීති පිළිබඳව දැනුවත් කිරිම සදහා සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහනක් රට පුරා පුළුල් ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බවද විද්‍යුත් හා මුද්‍රිත මාර්ගයෙන් මෙන්ම පත්‍රිකා මාර්ගයෙන්ද ඒ කටයුත්ත කළ හැකි බවද ඔහු පැවසීය.
සතියකදී ඒ දැනුවත් කිරීම කළ හැකි බවද විතාරණ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විය යුත්තේ මෙයම තමයි. බඩ ගැනම සිතීමට පෙර ජීවිත සුරැකිය යුතුයි. රටේ ආර්ථිකය ගැනත් පසුව බලමු.
ඔබේ අදහස් වලට වඩා හමුදාපතිගේ අදහස් වටිනවා ප්‍රොපෙසර්...
මෙතුමා වෛරස් විශේෂඥයෙක්... වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්යක්ෂවරයෙක් දේශපාලනයට වඩා වෛද්‍ය විද්‍යා පර්යේෂණ ක්ෂේත්රයේ උන්නතියට ඉමහත් සේවයක් කළ මහාචාර්ය වරයෙක්... මෙවන් විද්වතුන් තමයි සැබෑ මහාචාර්යවරු... අද නමට මහාචාර්යවරු නිකන් කඩේ යන අය දේශපාලනයට ඇවිත් ඉන්නේ වියත් මගට එකතු කර ගත යුත්තේ මෙවන් සැබෑ විද්වතුන්...
ඔයගොල්ලන් වැඩකාරයින්, රට හදන වීරයා කියලානේ මෙයා ගෙනාවේ.. දැන් ඔයගොල්ලන් සත පහකට ගණන් ගන්නේ නැහැ නේද? ඔය අසීමිත බලය දෙන්න තමනුත් 20වැනි සංශෝධනයට අත ඉස්සුවා නේද? ඔබ ඔබේ මාමා වන N.M. පෙරේරා මහත්තයාටත් අගෞරවයක්...
දැනටමත් ප්‍රචාරණයට මිලියන 67ක් වියදම් කරලා තියෙන්නේ.. තවත් නෑ බෑ හොඳේ...
සියල්ල දත් අය සිටින මෙම රජයට ඔබ වැනි එක් විෂයකට පරිණත වියතෙකුගේ අදහස්, අවවාද අවශ්‍ය නොවනු ඇත...
මෙයාලා කියන එක දෙයක්වත් ආණ්ඩුව කරන්නේ නැහැ. ඉතින් තවත් පච වෙන්නේ නැතිව අයින් වෙනවකෝ ආණ්ඩුවෙන්..
ඉතින් කෙළින්ම ජනාධිපතිතුමාට කියන්නේ නැත්තේ ඇයි? ඔයා විපක්ෂයේද ඉන්නේ?
ඔයත් ගාණක් අරන් වගේ.. කොරෝනා සමාගමින්. රට වැහුවොත් කට වැහෙනවා... කොරෝනාවලට බයවෙන්න එපා..
මේයා වගේද උපදෙස් දැනුම ගන්න මහාචාර්වරු ඉන්නේ ආණ්ඩුවේ.