
(රංජන් කස්තුරි)
රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පමණක් කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණයට විරෝධය දැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති හතරක සේවකයෝ හෙට (25) බස්නාහිර පළාත තුළ සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ පරිපූරක වෛද්‍ය සේවා සංගමය හා වෘත්තීය සමිති හතරේ සාමාජික සාමාජිකයෝ එම සංකේත වැඩ වර්ජනය වැඩ වර්ජනයේ නිරත වෙති.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සේවය කරන සියලු සේවකයින්ට දැඩි අවදානමක් තිබිය දී වෛද්‍යවරුන් පමණක් විශේෂ කොට සැලකීම ඉතාම අසාධාරණ පියවරක් හෙයින් ඊට විරෝධය දැක්වීම සඳහා වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ද එම වෘත්තිය සමිති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාධාරණයට විරුද්ධව ඉතාම හොඳ තීරණයක් ... හොඳින් කිසි දෙයක් දිනන්න බැහැ. මෙහෙම තමයි කරන්න ඕනේ...
වැඩිය ගණන් ගන්න එපා. මේක රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, දොස්තරලාගෙන් ලකුණු ටිකක් දාගන්න කළ වැඩක්. පහුගිය ආණ්ඩුව කාලෙ සෝපා ගිවිසුම, MCC ගිවිසුම වගේ රටට අහිතකර ගිවිසුම්වලට සක්‍රීයව එරෙහි වූ අය පෝට් සිටිය එළියට එනවිට කොච්චර සුවච, කීකරුව කට පියාන හිටියද? පව්... ඔන්න ඔහෙ ලකුණු ටිකක් දාගත්තුදෙන්...
සෞඛ්‍ය වෘත්තීය සමිති අතරින් GMO එක පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩකරමින් අනෙක් වෘත්තීය සමිති නොසලකා වැඩ කරනවා. මෙහෙම දේශපාලනේට කඩේ යන වෘත්තීය සමිතියක් අපි දැකලා නැත.
එන්නත් 5000ට විකුන්නකොට නලු නිලියන්ගේ පවුල්වලට ගහන්කොට මේ දඟලන සමිති නිදි, GMOA තමන්ගේ බලය යොද සෞඛ්‍ය කාර්යමණ්ඩලවල පවුල් වලට එන්නත්කරණය ලබාදිම පටන්ගත්තා වෛද්‍යවරුන්ගේ හෙට අනිත් සෞඛ්‍ය කාර්යමන්ඩල වලට ලැබෙයි.