(සුජිත් හේවාජුලිගේ )
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිත වූ බවට හඳුනා ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමුවන්නැයි දැනුම් දුන් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
මෙයට අමතරව විපක්ෂ නායකවරයාට ආශිතවු පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනකු නිරෝධායනයට යොමු කළ බවද වේත්‍රධාරිවරයා කියයි .
මෙම මන්ත්‍රීවරුන් පහළොස් දෙනා සහ සේවකයන් දෙදෙනා විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වී ඇතැයි හඳුනා ගැනුණේ පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා දත්ත පරීක්ෂා කිරීමේදීය .
විපක්ෂනායකවරයා ඔහුගේ කාර්යාලයේ දීද රැස්වීම් කිහිපයකට සහභාගී වී තිබූ අතර එම රැස්වීම්වලදී ආශ්‍රිත වූ පිරිස් සොයාගෙන ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි එහි ප්‍රධානීන්ට දැනුම් දුන් බව වේත්‍රධාරි කාර්යාලය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණු මන්ත්‍රීවරු 15 දෙනෙක්?
එතකොට ආර්යාවට ළංවූ අයට නැතිද?
විපක්ෂ නායකට නෙවෙයි, අනික් ළංවුණු කට්ටිය ගැන හොයලා බලන්න.
මෙයාලට තියෙන සැප. පාරේ බස් එකේ දුම්රියේ යන ලෙඩ්ඩුන්ට ළංවූ අයට ඔහොම රතු නිවේදන දැම්මේ නැහැනේ.