(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා මර්දන වැඩසටහනට ගම් මට්ටමින් දායකවන රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට කොරෝනා එන්නත ප්‍රමුඛත්වය දී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
ඒ සඳහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ .
මෙම වැඩසටහන යටතේ සෑම ගමකම සිටින ග්‍රාම නිලධාරි ,පවුල් සෞඛ්‍ය සේවිකා නිළධාරිනී ,ආර්ථික සංවර්ධන නිලධාරි ,සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී යන ක්ෂේත්‍ර නිලධාරීන්ට සයිනොෆාම් එන්නත ප්‍රමුඛතාව දී ලබාදීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවයෙන් ඉවත් වෙනවා කිව්වා විතරයි කැබිනට් අනුමැතිය ලැබුනා නේද.?
ඕනම ජාතික ගැටලුවකදී වැඩේ "අනාගන්න" එක අපේ රටේ සාමාන්‍ය පම්පෝරි-දේශපාලන සම්ප්‍රදාය. කරුණාකර පෙරමුණ ගෙන වැඩ කරන සෞඛ්‍ය නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කර ඒ සේවාවන්ට නිසි පහසුකම් සපයන්න. කොරොනා වසංගතය බෝවෙලා දැනට අවුරුදු එක හමාරක් වුණා.. කරපු කෙංගෙඩියක් නැහැ..! ඒක බෝවීමට ඉඩ හැරියා ඇරෙන්න. දැන්වත් රට, ජාතිය ගැන සංවේදි වෙන්න. සිහි නුවණ එළැඹ පරිණත මිනිසුන් සේ ක්‍රියා කරන්න...
ජල සම්පාදන මණ්ඩලයේ, විදුලි බල මණ්ඩලයේ අපිත් කැමතියි ගෙදර ඉන්න. අපි වැඩට යන්නේ අපේ සේවාවන් නැවතුණොත් කිසිම විරුවෙකුට ඔවුන්ගේ වැඩ කරන්න බැරි වෙන හින්දා. මාසයක් ගෙදර හිටියත් මැරෙන්නේ නැතුව කන්න බොන්න අපට පුළුවන්. විදුලිය, ජලය සේවාවන් කඩා වැටුණොත් වෙන්ටිලේටර් නවතයි. බොන්න, අත් සෝදන්න බැරිව මුළු රෝහල් පද්ධතිය ක්ෂණිකව නවතියි. පැය ගාණක් කොරෝනා ඇඳුම් ඇඳගෙන ඉඳලා සෞඛ්‍ය, නැත්නම් ආරක්ෂක නිලධාරියෙක් ගෙදර යනකොට විදුලිය, ජලය නැත්නම් මොනවා වෙයිද? කොරෝනා හින්දා නොවෙයි නිකන් මැරෙන්න වෙන්නේ... ඒ වගේම රෝහල් වලට වඩා කොච්චර රෝගීන් ගෙවල්වල ඉන්නවද?. අපිත් මිනිස්සු අපිත් කොරෝනා හැදෙන්න පුළුවන්. කාට හරි අපි පුරුදුවෙලා කරන වැඩ කරන්න පුළුවන් නම් කරලා බලන්න. අපි විරුවන් නොවුණාට ඉල්ලන්නේ වැක්සීන් එක දෙන්න. නොගත්ත අයට පළමු එක ගත්ත අයට දෙවැනි එක දෙන්න. අත්‍යාවශ්‍ය සේවාවල ඇස්ට්‍රාෙසනෙකා ගත්ත අයට දෙවැනි එක දෙන්න. තවත් කල් මරනවා නම් ප්‍රතිඵල ලැබෙනකොට අදට වඩා ගොඩක් දුක්විඳින්න වෙයි. ආර්ථිකය නොසිතූ විදිහට කඩා වැටෙයි. ඒක හින්දා පවුල්වල අයට දෙන එන්නත් කරණයට පෙර අත්‍යාවශ්‍ය සේවාවල වැඩකරන මිනිස්සු දිහා බලන්න...