
(ළහිරු හර්ෂණ)
හෝමගම මූලික රෝහලේ කොවිඩ් - 19 වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා වාට්ටුවලට සහ දැඩි සත්කාර ඒකකයට පහසුවෙන් ගෙන යා හැකි ලක්ෂ විසි දෙකක් වටිනා ඩයලිසිස් යන්ත්‍රයක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) පරිත්‍යාග කලේය.
එම අවස්ථාවට හෝමගම මූලික රෝහලේ වෛද්‍ය චතුරිකා බෙලිගස්වත්ත මහත්මිය කැමරා එල් කේ ආයතනයේ අධ්යික්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා ඇතුළු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වටිනවා.. මේ යෝධයා හම්බ කරපු සල්ලිවලින් දුන්නා නම්, හැබෑ කොමිස් ගහපුවායින් නෙමෙයි...
පව්, කුලී වැඩ කරලා හම්බකරපු සල්ලිවලින් ගන්න ඇත්තේ...
අර මාවරමණ්ඩියේ කොමියුනිකේෂන් එකේ හිටපු කාලේ හීනෙකින්වත් හිතන්න ඇද්ද 2021 වෙනකොට මේ වගේ යන්ත්‍රයක් සල්ලි දීලා මිලට අරගෙන රෝහලකට පූජා කරන්න තරම් සල්ලි කාරයෙක් වෙන්න ලැබෙයි කියලා. වාසනා මහිමයම තමයි ඉතින්... දෙන්න දෙන්න වැඩි වැඩියෙන් හම්බවෙනවා කියන්නේ ඕකනේ...
ගෙදරින් ගෙනාපු සල්ලි වලින් දීලා තියෙන්නේ. අර පෙදරේරු පැණිය හදන්න අරඹන්න මැෂිම දුන්නෙත් ගෙදරින් ගෙනාපු සල්ලිවලින්...
ඉතාලියට කුඩු ඇදපු සල්ලි වලින් වෙන්න ඇති...!!!
මොන හම්බ කිරිල්ලක් හම්බ කරන්න ඇතිද පහුගිය කාලේ..? මේවගේ වටිනා යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න..
ගසා කෑම පමණක් සිදුකරන, එහෙත් කිසිවෙකුට කිසිවක් නොදෙන රාජපක්ෂවරුන් සිටින රටේ මේ ඇමතිවරයා කළ පරිත්‍යාගය අගය කළ යුතුයි.
සල්ලි හොයලත් මහන්සි ඇතිනේ... බොමුද සීතල වතුර එකක්...?
මෙතුමා හම්බකරපු ඒවගෙන්ද.?
පැහැදිලි නැහැ තම පෞද්ගලික ධන පරිත්යාගයකින්ද කියල, එක නිසා අදහසක් නැහැ
එදා තැඹිලි පෙව්ව දවසේ ඉඳලා මොනතරම් මහන්සියෙන් සල්ලි කොමිස් හොයන්න ඇතිද? සල්ලි කන්දරාවක් වැය කරලා මේවගේ යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න. කුරුඳු බීඩියෙනුත් ලාබ ලබන්න ඇති. අයි සී යූ ඇඳන් මොනතරමක් හැදුවද? ඒවා අපනයනය කරන්නත් ඇතිනේ... මේ තරම් මුදල් කන්දරාවක්... යට කරන්න. අයියෝ මිනිස්සුන්ගේ බදුමුදල් වලට යන කලක්...!!! කියලා හිතෙනවා මේවා දැක්කාම...
"කැමරා එල් කේ ආයතනයේ අධ්යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා" ස්තුතියි මහත්තයෝ.
"කැමරා එල් කේ ආයතනයේ අධ්යික්ෂ අනුෂ්ක ගුණසිංහ.........". විමලේගෙ යාලුවෙක් වෙන්න ඇති. නිකන් ෆොටෝ එකට ඉන්න අඬ ගහගෙන එන්න ඇති.
මෙයාම දුන්නා කියලා විශ්වාසද?