(සුජිත් හේවාජූලිගේ)
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කොවිඩ් වයිරසය ආසාදනය වු දොළොස් වැනි මන්ත්‍රීවරයා ඔහුය .
ඔහු කොරෝනා ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතම ආශ්‍රිතයෙකු ලෙස මෙයට පෙර හඳුනා ගෙන තිබිණ.
මේ සම්බන්ධයෙන් අප මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමාට හා බිරිඳට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.
දෙදෙනා රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.
තමාට තදබල ඔලුවෙ කැක්කුමක් හටගැනීමෙන් පසුව තමාත් බිරිඳත් කොරෝනා පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේ දී වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය .
මේ අතර නලින් බණ්ඩාර මහතාට පාර්ලිමේන්තුවේ දී ආශ්‍රිත වූ මන්ත්‍රීවරුන් සොයා ගැනීමට අද (25) විමර්ශන ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා තිබේ.
(සුජිත් හේවාජුලිගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාට එන්නත දී අවසානයේ තමයි එන්නත ගන්නවා කියපු අය ගෙදරටම වෙලා හිටියා නම් තමයි හොඳ. මොකද ඔබතුමන්ලා තමා විතරක් නෙමෙයි අනතුරේ දමන්නේ, මුලු සමාජයම. එන්නත ගත්තානම් ඔබගෙන් අන් අයට රෝගය බෝවන එක නතර වෙනවා. ඉක්මනින් සුවවීමට මෙන්ම කරුණු කාරණා අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා..
අන්තිමට රටට කල දසාවක් යයි වගේ..
ඉස්සර කිව්වේ අහවල් පළාතේ නැතිනම් අහවල් ආසනේ පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා.. ඒත් දැන් බලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී.. ඔන්න වෙනස..
නලින්ට කොරෝනා බෝ වුණේ.. සජිත්ගෙන්ද කියලා මට නම් සැකයි.
සජබ පොකුර - නවතම පොකුර
ඔබ දෙදෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!
ටෙලිපොන් පොකුරක් හැදෙයි වගේ! දැන් කියයි ඝෝඨාභය වග කියන්න ඕනේ කියලා.
හොඳයි...