
(ඩයනා උදයංගනී)
වෙසක් පුර පසළොස්වක පොහොය යෙදෙන අනිද්දා (26) දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදාවන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මෙම චන්ද්‍රග්‍රහණයේ පූර්ණ හෝ අර්ධ කොටස ශ්‍රී ලංකාවට දිස් නොවන අතර හෙට සවස 6.23 සිට රාත්‍රී 7.19 දක්වා එහි අවසන් මිනිත්තු 57 ක පමණ කාලය දැකගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකි වන බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම චන්ද්‍රග්‍රහණයේ පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය සහ උතුරු ඇමෙරිකාව යන රටවල ඇතැම් ප්‍රදේශවලට දිස්වන බව එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd