(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 28ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (25) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1269ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ අතරින් 5 ක් ඊයේ (25) දිනයේත් සෙසු ඒවා මැයි 18 සිට 24 වැනිදා දක්වාත් සිදුවූ ඒවා වේ.
මින් 11 දෙනෙක් නිවසේදී මියගොස් ඇති අතර දෙදෙනෙක් රෝහලට ඇතුළත් කරන අසස්ථාවේ මියගොස් ඇත. ගාල්ල ප්‍රදේශයේ පදිංචි 56, 62, 88, 73, 58 වයස්වල පිරිමි අය පස් දෙනෙක් සහ 68, 47 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 97 හැවිරිදි කාන්තාවක්, බුලත්සිංහල පදිංචි 71 හැවිරිදි කාන්තාවක්, උණවටුන ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි අයෙක්, කළුතර ප්‍රදේශයේ 92, 72, 75 වයස්වල කාන්තාවන් තිදෙනෙක් සහ 81 හැවිරිදි පිරිමි අයෙක්, හොරණ ප්‍රදේශයේ 68 වියැති කාන්තාවක්, ගෝවින්න ප්‍රදේශයේ 74 හැවිරිදි පිරිමි අයෙක්, ගල්පාත ප්‍රදේශයේ 32 හැවිරිදි පිරිමි අයෙක්, හුන්නස්ගිරිය ප්‍රදේශයේ 59 හැවිරිදි කාන්තාවක්, මත්තක ප්‍රදේශයේ 83 හැවිරිදි කාන්තාවක්, වන්චාවල ප්‍රදේශයේ 81 හැවිරිදි කාන්තාවක්, මීපේ ප්‍රදේශයේ 97 හැවිරිදි කාන්තාවක්, මාතර 40 හැවිරිදි අයෙක්, අහංගම ප්‍රදේශයේ 75 හැවිරිදි පිරිමි අයෙක්, වේවැල්දෙණිය ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්, රුවන්වැල්ල ප්‍රදේශයේ 65 හැවිරිදි කාන්තාවක්, මීගහතැන්න ප්‍රදේශයේ 83 හැවිරිදි කාන්තාවක්, අගලවත්‍ත ප්‍රදේශයේ 70 හැවිරිදි පිරිමි අයෙක් සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ 55 හැවිරිදි පිරිමි අයෙක් මියගිය අය අතර වෙති.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd