
(අංජුල මහික වීරරත්න)
හෙද සේවයේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබීම නිසා පී.සී.ආර් පරික්ෂණ සහ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා නිදර්ශන ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් සමස්ත හෙද නිලධාරීන් ඉවත් වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
මෙම තීරණය අද පෙරවරුවේ 7.00 සිට ක්‍රියාත්මක බවද රත්නප්‍රිය මහතා කියයි.මෙම තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලිඛිතව දැනුම්වත් කළ බව සඳහන් කළ රත්නප්‍රිය මහතා හෙද සේවය මුහුණ දී සිටින ප්‍රශ්න හතක් සඳහා විසඳුම් නොලැබීම මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට හේතුවක් බව කීය.
මෙම ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ දිගින් දිගටම සාකච්ඡා කළ ද ඊට කිසිදු විසඳුමක් නොලැබීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බව ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම මේ වගේ NGO කාරයෙක් හෙද සංගමයේ සභාපති වුණේ කොහොමද? රෝහල් ගැන නොදන්න, හෙදකම ගැන නොදන්න, බෙහෙතක් ගැන නොදන්න කෙනෙක්... රටට විහිළුවක්...
මේ මොහොතේ කමන්ගේ වුවමනාවන් සපුරාගැනීම වගේම රටේ මහජනතාව පැත්තෙනුත් බලන්න. එම ගොඩට තමන්ගේ දරුවන් අම්මා තාත්තත් ඇතුළත් බව සිතන්න. කළ දුටු කළ වල ඉහගැනීමෙන් වළකින්න.
මිහිපිට මිනී වැටෙන මොහොතක... ඉල්ලීම් වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය... සමහරවිට මේ අයට අපායෙදී විසඳුම් ලැබෙයි..
සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලුවා. එම පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී වුණා. දැන් මේ කොරෝනා වසංගතය කාලයේ මෙවැනි වර්ජන කරන්න යන්නේ කාගේ උවමනාවක් සඳහාද? විජාතික කුමන්ත්‍රණයක්ද? දේශපාලන උවමනාවක්ද?
මේ වගේ අසීරු අවස්ථාවකදීත් තමුන්ගේ පටු අරමුණු ඉටුකරගන්න හදන අයව මෙහෙයවන මේ වගේ අයට කොරෝනා රෝගයෙන්ම දඬුවම් ලැබේවා..!!!
හෙදියන්ට අස්වෙලා යන්න කියන්න ඕනෑ තරම් වැඩට මිනිස්සු ඉන්නවා.
ජාතියේ පාපයට උපන් අය ...!!!
ඇත්තටම ජනතා අප්‍රසාදයට පත්වූ එන්.ජී.ඕ කාරයෙක්. ආණ්ඩුව හොදයි කියනව නොවෙයි. නමුත් මේ මිනිස්සු වැඩක් නැහැ. දවස් දහයකට පාර්ලිමෙන්තුවට ගිහිං මහජන බදු මුදල් කෝටි කීයක් බුක්ති වින්දද. ඕවට තමයි කට අරින්නෙ. මේ මිනිස්සු තමයි මේ රට විනාශ කලේ.
මෙයාලා කියන දේවල් වලට වැඩිය ප්‍රසිද්දියක් දෙන්න නරකයි
දැන් මෙ රටේ තත්වෙත් එක්ක කරන්න ඕන දෙවල්ද මේ.
දවස් 10 යෙන් මහජන මුදල් කොටි 2-3 ක් ගිල්ල සමාජ සේවක !!!
මේ වගේ අසීරු අවස්ථාවකදීත් තමුන්ගේ පටු අරමුණු ඉටුකර ගන්න හදන අයව මෙහෙයවන මේ වගේ අයට කොරෝනා රෝගයෙන්ම දඬුවම් ලැබේවා..!!!