
(ඩයනා උදයංගනී)
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ ගිනිගෙන දැවෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙන් මුහුදට වැටෙන බහාලුම් සහ විවිධ කොටස් වෙරළ තීරයට පැමිණෙමින් ඇති නිසා දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි නාවික හමුදාව පවසයි.
නෞකාවෙන් වැටෙන කොටස් එම වෙරළ තීරයට පැමිණීමේ වැඩි අවදානමක් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි.
ආපදාවට පත් නෞකාවෙන් වෙරළට පාවී එන විවිධ කොටස් පිළිබද නාවික හමුදාව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමග විශේෂ අවධානයකින් කටයුතු කරන අතර වැල්ලවත්ත සිට පානදුර දක්වා වෙරළ තීරයෙහිද නාවික හමුදාව ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
වෙරළ තීරයට පැමිණෙන ද්‍රව්‍යවල විවිධ රසායනික සංයෝග අඩංගුවිය හැකි එවැනි කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් හා ධීවර ප්‍රජාව වෙත නාවික හමුදාව දැනුම්දීමක් ද කර තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නන්දෙ හමුදාවෙන් කොරෝනා වැළැක්වුව එකේ අනික් විහිළුව මේ.. රසායන ද්‍රව්‍ය එනකොටම වෙඩි තියන්න බලාගෙන ඉන්න හැටි ලස්සනයි.
අපේ රට බොහෝම නුගත් මිනිස්සු කොටසකුත් ඉන්න රටක්, නිකං දෙනවා නම් හොරිත් ගෙදර අරන් යනවා කියල කියමනකුත් තියෙනවා නේ. ඒ නිසා මේ ආකාරයට හරි මේ මිනිස්සුන්ව බේරගන්න වෙනවා!