
(සුජිත් හේවාජුලිගේ)
මැතිසබයේ සවි කර ඇති ඡන්දය ගණනය කරන ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝෂ සහ අඩුපාඩු කිහිපයක් එම පද්ධතිය පරීක්ෂා කළ තාක්ෂණික විශේෂඥයන් සහ ඉංජිනේරුවන් සොයාගෙන ඇත .
මේ අනුව එම ඉලෙක්ට්‍රොනික පද්ධතිය වැඩිදියුණු කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇත
. මෙම ඉලෙක්ට්‍රොනික පද්ධතිය පසුගිය දිනවල පරීක්ෂාවට ලක් කළ තාක්ෂණික විශේෂඥයන් සහ ඉංජිනේරුවන් කණ්ඩායමක් එහි පවතින අඩුපාඩු රැසක් හඳුනාගෙන ඒවා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පෙන්වා දී ඇත . එම පද්ධතිය වැඩිදියුණු කිරීමට අවධානය යොමු වී ඇත්තේ ඒ අනුවය .
මැතිසබයේ ඡන්දය විමසන අවස්ථාවන්හිදී මන්ත්‍රීවරුන් 225 දෙනාම ඡන්දය ප්‍රකාශය කළ ආකාරය දැක්වෙන සම්පූර්ණ නාම ලේඛනය එකවර ප්‍රදර්ශනය කළ යුතු බවටත් ඡන්ද විමසීමට සහභාගි නොවන මන්ත්‍රීවරුන්ගේ නම්ද නොපැමිණි අය සේ සටහන්ව ඊට ඇතුළත් කළ යුතු බවටත් එම තාක්ෂණික විශේෂඥයන් හා ඉංජිනේරුවන් පෙන්වා දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .
තාක්ෂණික විශේෂඥයන් හා ඉංජිනේරුවන් කණ්ඩායම මැතිසබයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය පරීක්ෂාවට ලක් කළේ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී සිදුවී ඇති දෝෂය කුමක්දැයි හඳුනාගැනීම සඳහාය .
එම පරීක්ෂණ කණ්ඩායම මේ සම්බන්ධයෙන්වූ වාර්තාව කතානායකවරයාට ඉදිරි දිනවල බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණින් එකක් ගන්න වෙයි, නැත්නම් රට කරගෙන යන්න බැරිවෙයි.
රට කරවන තැන මැෂිම අවුල් නම් රට වටේ වාර්තාවන කොරෝනා ලෙඩ්ඩුන්ගේ ගණන් එහෙමත් ලොකු අවුලක් ඇති නේද හාමුදුරුවනේ...?
අනේ කොහෙන් හරි ණයට සල්ලි ටිකක් ඉල්ලගෙන හරි කමක් නැහැ. අලුත් එකක් ගේන්න.. නාමල් රාජපක්ෂ කොල්ලෝ අලුත් එකක් බලන්න.. මීට බාප්පා..
ඔය 225 ගනන් කරන්න මැෂින් ඕනෑද, අඩුපාඩු හොයන්න විශේෂඥයින් ඕනෑද? අනේ අපේ සල්ලි...!!!
අනේ අපොයි මේ වගේ කට්ටියක්
ඉක්මනින්ම අලුත් මැෂිමක් ගන්න .ඉස්සරහට ගොඩක් වැඩ තියනවා. ලෝකේ තියන හොඳම එක ගෙනෙන්න. කොමිස් ගහන්න චීනෙන් ගන්න එපා .
225ක් ගනින ඡන්දයට මෙහෙම ප්‍රතිපල පෙන්නුවානම් මහ ඡන්දෙකදී එලෙක්ට්‍රොනික් ක්‍රමය යොදාගත්තොත් කොහොම තියෙයිද.?
ඔවුන්ට ක්‍රම දෙකම කළ යුතුයි. මැනුවල් සහ ඉලෙක්ට්‍රොනික.
ලැජ්ජාවේ බැහැ. වෙන මොනවා කියන්නද?
ඔතෙන්ට එන්න ඉස්සෙල්ල මහන මැෂිමක් වත් දැකපු නැති අයත් මැෂින් එකෙන් ඡන්දෙ දෙනකොට ඔහොම තමයි.