
(රංජන් කසිතුරි)
සංචරණ සීමා ලිහිල්කළ අද දින අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදි ගැනීම සඳහා රටපුරා ජනතාව නගරවලට සහ කඩසාප්පුවලට ඇදී ආහ.
වාහන හා යතුරු පැදි ආදිය ගමන් කිරීම තහනම් කිරීම නිසා ඇතැමුන් විල්බැරැක්ක රගෙනවිත් ඒවායේ ගෑස් සිලින්ඩර් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඒවායේ පටවාගෙන රැගෙන ගියහ. ත්‍රිරෝද ධාවනය නොකිරීම නිසා ඇතැම් පිරිස් කර මතින් ගෑස් සිලින්ඩර් රැගෙන යනු අයුරු දක්නට ලැබිණි
තවත් පිරිසක් පා ගමනින් පැමිණ බඩු භාණ්ඩ රැගෙන යනු දක්නට ලැබිණි.
(ඡායාරූප ළහිරු හර්ෂණ,ජයමාල් චන්ද්‍රසිරි සහ නාඋල ඉන්දික අරුණ කුමාර)













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසගත වෙන පින්තූර...
දැන් තේරෙනවා නේද ගෑස් ටැංකිවල බර අඩු කරපු එකේ වටිනාකම ?
චන්දෙ කාලෙට විතරයි මේ මිස්සුන්ගේ වටිනාකම. අහිංසක මිනිස්සු පව්.
මොන පව්ද? මේ අය තමයි උදේම ගිහින් කතිරේ ගහන්නේ.
මිනිස්සු අසරණ වෙලා.
කුඩා මොලයක් තිබෙන කෙනෙකුටත් වැටහෙනවා පයින් කිලෝමීටරයක් යන්න පාරේ ගත කරන කාලය වාහනයක යන කාලයට වඩා වැඩි බව.
විල්බැරෝව කියන්නෙත්, තෙල් පෙට්රල් නොගැහැව්වාට වාහනයක්. ඒත්, බ්‍රේක් නැහැ කියා දඩ කොළ නුදුන්න එකයි පුදුමේ. එහෙම දේවල් තමයි මේ රටේ වෙන්නේ.
රජය මිනිසුන් සමඟ සෙල්ලම් කිරීම නොකළ යුතුය. රාජපක්ෂලා 2015 දී හොඳ පාඩමක් ඉගෙන ගත්තේය.
අහෝ, මගේ රටට ගිය කලක්... මෙවන් මෝඩ රැලක්...!!!
ඔය විකාර නීති හදපු අයට විල්බැරෝව මතක් වුණේ නැහැ. නැතිනම් ඒකත් තහනම් කරනවා... !!!
නන්දසේන මහත්තයා පාස්.. ජනතාව ෆේල්...
විල්බැරැක්කය අපේ ජාතික වාහනය කරගත්නම් හොදයි කියලා අපිටත් හිතුනා
කවුද හිතුවේ කොරෝනාවක් ඇවිත් ඉස්කෝල වහලා, මිනිස්සු මාස්ක් දාලා, ශීල්ඩ් දාලා, හැම දේම අවුල් වෙයි කියලා ලෝකෙම... ඒ වගේ හිතන්න ලෝකේ පෙට්‍රල් ඩීසල් එක පාරට මොකක් හරි හේතුවකින් මාසෙකින් නැති වුණා කියලා... වෙන්න පුළුවන්නේ... එතකොට අපේ හැමෝම විදුලි කාර් ගන්නවද..? නෑ නේ.. එතකොට ඔය මහත්තුරු වාහනවලින් යන්නේ කොහොමද දන්නේ නෑ. මේක උපහාසෙට කළාට මේකේ අර්ථයක් තියනවා.. ඉස්සර ලෝක යුද්ධයක් ඇවිත් බජිරි කෑවා කියලා අහලා තියනවා. ඒ වගේ තමයි.
විල්බැරැක්කත් 225ක් ගෙනාවා.
තීරකයන් ගොඩේ සාමාන්‍ය මිනිහෙක් ඉඳලාම නෑ.
වාහනවලින් යන එක තහනම් කරලා කොරෝනාව පාලනය කරන්න පුලුවන්ද? මේක කාගේ යෝජනාවක්ද? මොලේ පරීක්ෂා කරගත්තොත් හොඳයි.
කතිරේ මෙතනට අදාල නැහැ, වාහන එලියට ගන්න දුන්නා නම් ඔක්කොම මුහුදු වෙරලේ, පාරේ පවුල් පිටින්.
මීළඟ ඡන්දෙට ජවිපෙ ඉල්ලනේ විල් බැරක්කෙන්.
අපේ යකඩ ගැහැණු අම්මපා.