
(නිමන්ති රණසිංහ)
ජාතික වෙසක් දිනය නිමිත්තෙන් සිරකරුවන් 260 දෙනකුට ජනපති සමාවෙන් නිදහස ලබා දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසිය.
මෙලෙස විශේෂ රාජ්‍ය සමාව හිමිවී ඇති සිරකරුවන් අතර ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවම් ලැබූ රැදවියන් 53 දෙනකු ද සිටින බව ඔහු සඳහන් කළේය.
ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවම් ලැබූ රැදවියන් හට වසර 19කට පසු ජනපති සමාව ලැබූ පළමු අවස්ථාව මෙය බවද හෙතෙම පැවසීය.
වර්ෂ 2002න් පසු ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූ රැදවියන් 257 දෙනකුගේ එම දඩුවම අහෝසි වී සාමාන්‍ය සිරකරුවන් බවට පත් කර ඇති අතර ඉන් 53 දෙනකු වෙසක් දිනය නිමිත්තෙන් එසේ නිදහස් කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව සිරදඩුවම් ලිහිල් වූ 247 දෙනා වසර 20කට වැඩි සිරදඩුවම් විඳි අයවලුන් වෙති.
මෙම සමාවන් හිමිවන සිරකරුවන් නිදහස් කිරීමේ දී අනුගමනය කල යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ හා වෛද්‍ය නිර්දේශයන්ට අනුව ඔවුන් නිදහස් කෙරෙනු ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගොඩේ අර මිනීමැරුම් වලට වරදකරුවන් වෙලා කොළනැති ගහට යවපු දෙන්නත් ඉන්නවද?
සිරිසේන උන්නැහේ වගේ මෙයත් හැමෝටම සමාව දෙයි වගේ..!!!
අනේ අපේ සිල්වා පුතා ... ඔය ලිස්ට් එකේ නැද්ද?
බන්ධනාගාරගත වැරැදිකරුවන් නිදහස් කිරීම සහ ගමේ ගොඩේ පිළිකණු ගානේ රස්තියාදු ගැහුවා හැරෙන්න වෙන කිසි දෙයක් අපේ ජනාධිපතිවරුන් දැනගෙන හිටියේ නැහැ. එදත් එහෙමයි අදත් එහෙමයි.