
(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා මරණ අවම කිරීමට මේ මොහොතේදී අනුගමනය කළ හැකි සුදුසුම උපක්‍රමය වන්නේ නිදන්ගත රෝගවලින් පෙළෙන මෙරට අධි අවදානම් කණ්ඩායම්වලට කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබාදීම බව වයිරස වේදය පිලිබද ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය.
කොරෝනා වැළඳී මිය ගිය වැඩි පිරිසක් එවැනි නිදන්ගත රෝගවලින් පෙළුණු අය බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය .
මෙයට අමතරව කොරෝනා තුරන් කිරීමට නම් මෙරට ජනගහනයෙන් සියයට අසූවකටවත් එන්නත ලබා දිය යුතු බව පැවැසූ විතාරණ මහතා සියයට 50 ක් එන්නත ලබාදීම ප්‍රමාණවත් නොවන බවද පැවසුවේය .
රෝගීන් සියයක් සිටියහොත් මෙරට පී.සී.ආර් පරීක්ෂණවලින් හඳුනා ගැනෙන්නේ ඉන් සියයට හැත්තෑවක් පමණක් බවත් සෙසු රෝගීන් තිහ වසන් වන බවත් ඔහු කීය .
මේ තත්වය යටතේ පී.සී.ආර් උපකරණ දියුණු කරගත යුතු බවද තිස්ස විතාරණ මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් නිධන්ගත රෝග සියල්ල තිබිලා තියෙන්නේ... ජී.එම්.ඕ.ඒ. සහ අනිත් සංගමයට සහ ඒ සංගම්වල ඥාතීන් සහ මිත්‍රයින්ට නේ...? මේ කවර කතාද?
ඉතාම හොඳ යෝජනාවක්... සංඛ්‍යා ලේඛන, විශ්ලේෂණය කරබලා මෙවැනි තීන්දු කඩිනමින් ගත යුතුයි. මරණ වලට ගොදුරුවුණේ වැඩි දෙනෙක් නිධන් ගත රෝගවලින් පෙළුණු අය කියලා හැමදාම කියනවා. ඒ වුණාට ඒ අයට මේ එන්නත දෙන්න කටයුතු කරන්න හිතුවේ නෑ. දැන්වත් මේ අවදානම් කණ්ඩායම ආරක්ෂා කරන්න එන්නත් දීම කඩිනම් කරන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා.
නිධන්ගත රෝග අවදානම අනුව ප්‍රමුඛත්වය දියයුතු අයට වත් කඩිනමින් එන්නත දෙන්න වකුගඩු රෝගීන් වැනි අයට...
එහෙම කොහොමද? බලවතුන්ගේ පවුල්වලට, යාලුවන්ගේ පවුල්වලට, ගෝල බාලයින්ට... එහෙම කරන්නයි අපි වැඩි කැමැත්තෙන් පත්කරපු ආණ්ඩුවට බලය දීලා තියෙන්නේ. කොච්චර මළත් මොකද? අපේ ලොක්කන්ට වැඩියෙන් වටින්නේ උන්ගේ ජීවිත..
පණ්ඩිතකම් කියන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න.
ඔබතුමන්ගේ කතා යන්තම් කෙදිරිියක් වගේ මේ අයට, පහුගිය බටහිර ජැටියටත් මොනවද කිව්ව, ඔව අහන කෙනෙක් නෙවෙයි ඔබලා පත්කලේ,
නන්දසේන මහත්මයාට ඔබ වැනි විෂය ගැන දන්න උගතුන්ගෙන් වැඩක් නැහැ. වියපත් මගේ ඉන්න මහාචාර්ය ලලිතසිරිලා වැනි පුද්ගලයින් ඉන්නවා උපදෙස් දෙන්න. ධම්මික වැනි පැණි කාරයින් ඉන්නවා හෙහෙත් හදන්න. මුට්ටිය ගඟේ දැම්මාම ඔක්කොම ගොඩ...