
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරියක ඇතුළු සේවකයන් දස දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අනුව එම සේවකයන් ඇසුරු කළ අයට ස්වයං නිරෝධායනයට යොමුවන්නැයි දැනුම් දුන් බවද වේත්‍රධාරිවරයා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඔහුගේ බිරිඳ ජලනි පේමදාස මහත්මියද කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පසුගියදා ඇතුළත් කරනු ලැබූහ.
දෙදෙනාගේ තත්ත්වය යහපත් බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
විපක්ෂ නායකවරයාට හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක ප්‍රධාන කාර්යාලය ද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයද සෞඛ්‍ය ආරක්ෂක පියවරක් ලෙස සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් වසා දමනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව කරපුවට ණය ගන්නවා ... විපක්ෂයට කොරෝනා හැදිලා...