(නිමන්ති රණසිංහ)
වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් මෝටර් රථ පැදවූ තිදෙනකු කොළඹ ප‍්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
මෙම සැකකරුවන් තිදෙනා වෛද්‍යවරුන් ලෙස පෙනී සිට වෛද්‍ය ලාංඡන මෝටර් රථවල ප‍්‍රදර්ශනය කරමින් නාරාහේන්පිට, කොටුව සහ කුරුදුවත්ත ප‍්‍රදේශවල ගමන් කර ඇතැයි ඔහු සදහන් කරයි.
සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේදී එය අවභාවිතයට ගනිමින් මෙම සැකකරුවන් තිදෙනා ගමන් කර ඇති අතර, ඔවුන් තිස් නමය, හතලිස් හය සහ විසි අට හැවිරිදි වියේ පසුවූ අයවලූන් බව ද හෙතෙම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් ඊයේ කිව්ව කථාව ඇත්ත කියලා පෙන්නන්න වෙන්න ඇති. සර්ගේ කථාව නිසා නේ අද වාහන වලින් යෑම තහනම් කලේ...
මේක කලින් කල යුතු දෙයක්, කවුරුවත් තමන්ගෙ රැකියාව ප්‍රදර්ශනය කල යුතු නැහැ, අවශ්‍යතාවයකදී සේවාහැඳුනුම් පත ඉදිරිපත් කරන්න පුළුවන්. පොල් කඩන කෙනෙක් වාහනයක් අරගෙන ගස් නගින වලල්ලක් ප්‍රදර්ශනය කලොත් ඒ කෙනාට අඩ ගහල පොල් කඩව ගන්න පුළුවන් හදිසියකදි, ඒත් මේ ප්‍රදර්ශනය කාටවත් වැඩක් නැහැ.
බොහෝ වෛද්‍යවරු දොස්තර ලාංඡනය අනිසි ලෙස භාවිතා කරන බව සාමාන්‍ය දැනීමකි. ඔවුන් තම මිතුරන්ට සහ නෑදෑයින්ට බලපත්‍රය ලබා දෙයි.
GMOA එකේ කට්ටිය හොරෙන් කොරෝනා එන්නත පන්නලා පවුල් පිටින් ගහගන්නවා. මෙන්න මේ කට්ටිය පැනලා අල්ලගෙන හිරේ දාන්න. යහපාලනය කාලෙත් GMOA කට්ටිය කළේම වර්ජනනේ.. අහිංසක ලෙඩ්ඩු ඇපයට තියලා...