
(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා මර්දන එන්නතකින් පුද්ගලයකුට රැකවරණය සැලසෙන්නේ වසරක පමණ කාලයකට පමණකැයි වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන බව වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය.
මේ තත්ත්වය යටතේ එන්නතේ දෙවෙනි මාත්‍රාව ගත් පුද්ගලයෙකුට වසරක් ගත වීමට පෙර තුන්වෙනි මාත්‍රාවක් (booster)ලබාදීම වැදගත් වන බවද ඔහු ප්‍රකාශ කළේය .
ශරීරයේ නිපදවෙන ප්‍රතිදේහ මට්ටම එන්නත ලබාගෙන කාලයක් ගත වෙද්දී හීන වී යන බව පෙන්වා දෙන මහාචාර්යවරයා එය නැවත වැඩිදියුණු කිරීම සඳහා තෙවැනි මාත්‍රාවක් දිය යුතු බව වෛද්‍ය මතය යයිද පැවැසුවේය .
මේ අතර තනි වයිරසයක් ඇතුළුවීමෙන් රෝගය බෝ නොවන බවත් රෝගය බෝවීමට නම් සැලකිය යුතු වයිරස ප්‍රමාණයක් ශරීරය තුළට ඇතුළු විය යුතු බවත් තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය .
මුව ආවරණ පැළඳීම ,නිසි දුරස්ථභාවය පවත්වාගෙන යාම හා යම් පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙන් පසුව සබන් යොදා දෑත් සේදීම යන ක්‍රියාමාර්ග තුන නිසියාකාරව අනුගමනය කිරීමෙන් වයිරසය ශරීරයට ඇතුල් වීම වළක්වා ගත හැකි බව කී විතාරණ මහතා එම ක්‍රියාමාර්ගවලින් වයිරසය අන් අයට පැතිරීමද වැළකෙන බව පෙන්වා දුන්නේය .
වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් සියයට අසූවකට රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන නමුත් ඔවුන් ප්‍රබල රෝග වාහකයන් බවද මහාචාර්යවරයා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මහත්තයෝ අදාල අයට කියන්න. අපි කියලා මොනව කරන්නද.
මෙතුමා කියන මේ වැදගත් තොරතුරු සියලුම දෙනා නිවැරදිව වටහා ගැනීම ඉතාම වැදගත්. මේ වසංගතය සාමාන්‍ය කැස්ස,උණ හෙම්බිරිස්සාව වගේ මින් ඉදිරියට සමාජය තුල හැමදාම තියෙන ලෙඩක් බවට පත්වෙන බවයි පෙනෙන්නේ. මේ රෝගය මැඩපැවැත්වීම සඳහා දැනට ඇති එන්නත් හෝ අලුතෙන් සොයාගන්නා එන්නත් තව බොහෝ කලක් යනතුරු වාර්ෂිකව ලබාදෙන්නට සිදුවෙනවා නියතයි. එමනිසා සියලුම දේශපාලඥයින් සහ බලධාරීන් දේශපාලනය කිරීම හෝ හරි හම්බ කිරීම නවත්වා මේ වසංගතයේ ඇති භයානක කම සහ ඒනිසා පොදු ජනතාවට සිදුවී ඇති අප්‍රමාණය දුෂ්කරතා හරි හැටි වටහාගෙන එය මැඩපැවැත්වීමට නිසි ක්‍රියාමාර්ග ගැනීමට අවංකව කටයුතු කල යුතුයි.
මේ ප්‍රකාශය මෙයි කරන්නේ මහාචාර්ය කෙනෙක් නිසා වෙන්නඇති නේද
ගොනා හැරෙන්නේ මොකටද කියලා අපිට තේරුණා.