IMG-LOGO

නැවේ ගින්න තවත් පැතිරෙයි

(යොහාන් භාසුර)

කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකි තත්වයයක පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

ගිනි නිවීමේ සහ මුහුදු දූෂණ ආරක්‍ෂණ පහසුකම් සහිත ඉන්දීය නෞකා දෙකක් මේ වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා මුහුදු සීමාව නවතා තිබෙන බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගනිමින් තිබීම නිසා ආසන්නයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වීමෙන් ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහලුම්වලින් විශාල සංඛ්‍යාවක් මේ වන විට මුහුදුට පෙරළි ඇති බවත් එය කොපමණක්ද යන්න කිකිවකුට කිවනොහැකි බවත් නාවික හමුදා මාධ්‍ය කියයි.

ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී මෙම නෞකාව පසුගිය 20 වැනිදා ගිනිගැනීමකට ලක්වූ අතර එම කෞකාවේ ඊයේ (25) අළුයම නැවතත් ගින්න ඇවිලුණු අතර මේ දක්වා ගින්න පවතී.



අදහස් (21)

නැවේ ගින්න තවත් පැතිරෙයි

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 26 May 2021 07:52 AM

කෝ මේ කටින් බතල කොළ හිටුවන අය. අපිට බැරි නම් පිටරට උදව් ඉල්ලා මේ නැව ගිනි ගැනීම නවත්වා ගන්නට තිබුණා. මෙයින් මොනතරම් පරිසර හානියක් වේවිද?

:       78       54

Ratu AyyaWednesday, 26 May 2021 08:43 AM

සමිත මහතා ඔබත් ඒකම නේද කරන්නේ? හැමෝටම උපදෙස් දෙන්න..., අඩුපාඩු කියන්න පුළුවන්... තමන්ට කරන්න වූ දවසට තමයි තේරෙන්නේ... හරියට අර ලංකාවේ සියල්ල දන්නා දේශපාලන පක්ෂය වගේ...

:       34       72

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 26 May 2021 09:38 AM

ඔබතුමා වරදවා තේරුම්ගෙන තිබීම ගැන කණගාටුයි. අප ලියන්නේ කිසිඳු පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් නොවේ. ඔබතුමාම මා පවසා ඇතිදේ ගැන හොඳ සිහි නුවණින් යුතුව සිතා බලන්න. මා පවසා ඇත්තේ සත්‍යයක්. මේ වැඩේ ලේසි නැති බව මාද දන්නවා. ඒත්, මේ වගකීම තනිවම බාරනොගෙන විදෙස් සහයෝගය ගෙන කරා නම්, තත්ත්වය මෙතරම් නරක වෙන්නේ නැහැ නේද? අප දොස් කියනවා නොවෙයි. කලට වේලාවට නිසි තීන්දු තීරණ ගැනීමට නොහැකි මිනිසුන් රටක සිටියාම මෙවන් දේ සිදුවීම වළක්වන්නට බැහැ. ඔබතුමාම සිතන්න මෙයින් සිදුවන පරිසර හානියට මේ වැඩේ හරියට නොකළ අය ගන්නා වගකීම කුමක්ද? ඒකයි මගේ තර්කය වන්නේ. ස්තූතියි...

:       52       49

sinhaleWednesday, 26 May 2021 11:37 AM

අපි තමයි පිළිස්සීමට හොඳම කට්ටිය වෙලා ඉන්නේ...

:       1       18

සෙනෙවිරත්න Wednesday, 26 May 2021 02:07 PM

ඔබත් මමත් කියන දේ මේ අයට නොවැටහේ, මොවුන් සිතනුයේ දූපත් මානසිකත්වයෙනි, මුහුදට කොපමන බහාලුම් ප්‍රමානයක් වැටුනාදැයි නොදන්න එකේ ඉන් වන පරිසර හානිය මත්‍ස්‍යය සම්පතට වන හානියට දේශපෙු්මයෙන් උත්තර නැත,

:       0       1

lalith Wednesday, 26 May 2021 07:53 AM

දැන් මේ නැව පත්වෙලා තියෙන තත්වයෙන් බේරගන්න අපහසුයි. කළ හැකි එකම දේ නම් පරිසරය ආරක්ෂා කර ගැනීමයි.

:       2       60

sampath Wednesday, 26 May 2021 08:38 AM

මෑතකදීත් ඔය වගේ තෙල් නැවක් ගිනි ගත්තා නේද? රක්ෂණ ආවරණ ලබාගන්න කරන වැඩක් වත්ද? අනෙක ගින්න ළඟට යන්න බෑ කියන එක විසඳුමක් නොවේ. දැන් අපිට වෙන්න ඕන පරිසර හානිය වෙලා ඉවරයි. පසුගිය කාලේ වූ දේවල්වලට වන්දි ලැබුණාද?

:       4       36

පිටිගල මිලානෝ Wednesday, 26 May 2021 09:40 AM

ගින්නේ උෂ්ණත්වය කීයද?

:       1       30

සෙනෙවිරත්න Wednesday, 26 May 2021 10:01 AM

මේ නැව විසි වැනිදා ඉඳලා ගිනි ගන්නවා.. ගිනි ඉබේ නිවෙන්නේ නැති බව ඕන කෙනෙක් දන්නවා.. ඇත්තම කතා කලොත් අපේ හමුදාවට කරන්න බැරි දෙයක් නැහැ කියලා පොඩි අධිතක්සේරුවක් තියෙනවා.. රටේ ජනතාවට ඒ හැඟීම දීලා ස්වයං මෝහන තත්ත්වයක් තියෙනවා. ඒත් යථාර්ථය ඒක නෙවෙයි. ඒක තේරුම් ගන්න දින 06ක් ගියා. මේ අවදානම හැකිතාක් ගැඹුරු මුහුදට ඇදගෙන යාම කළා නම් එළුවාවත් බේරාගන්න තිබුණා. දැන් එළුවයි මුට්ටියයි, දෙකම නැති වුණා. නැවත් විනාශය වුණා. රට ආසන්න පරිසරයත් විනාශ වුණා...

:       35       45

rathne Wednesday, 26 May 2021 10:02 AM

ගින්න නිවන්න වතුර කියලා වෙන මොනවහරි ගහලා වගේ

:       9       18

susantha Wednesday, 26 May 2021 10:16 AM

ඇයි අර අති උගත් රත්තරන් රෝහිත ඇමැතිතුමා කෙළින්ම උපදෙස් දීලා ඔය ගින්න නිව්වා නේද?

:       4       37

ගමේ එකාලා Wednesday, 26 May 2021 10:39 AM

මොලේ උඩ ඉන්න සමහර උදවියට සමිත මහතා කියන දේ තේරුම් ගන්ඩ බැරුවා වාගේ. අපේ රටට ගිය කලක්...

:       3       26

sepala Wednesday, 26 May 2021 11:39 AM

එහි කුඩු නම් ඔවුන් එය ආරක්ෂා කරනු ඇත...

:       0       25

mewan Wednesday, 26 May 2021 11:59 AM

මේකෙන් පේන්නේ අපි බොරුවට පුම්බලා තියන නමුත් ඇත්තටම කොපමණ දුර්වල රටක් ද කියන එක විතරයි...

:       3       32

duminda Wednesday, 26 May 2021 12:02 PM

නැවක් ගිනි ගත්තත් එකෙනුත් ලකුණු දාගන්න බලන් ඉන්න මෝඩ ඇමැතියෝ ඉද්දී කොහොම කරන්නද? දැන් අපේ රටේ විෂය සම්බන්ධ ප්‍රවීනයෝ නැහැ. ඉන්නේ කෝකටත් තෛලය වන හමුදාවයි. ඒ පිහිටෙන් ඊළඟ ඡන්දෙත් මිනිස්සුන්ව ගොනාට අන්දන්න ඉන්න මෝඩ ඇමැති රැළයි.

:       3       43

Don perera Wednesday, 26 May 2021 01:49 PM

සර් මෙතනත් ෆේල්...

:       1       2

අතුල සවුදි Wednesday, 26 May 2021 02:03 PM

මේ රසායනික නැව චීනෙ ඉදන් ආවනම් අද බලන්න තිබ්බා රට හදන 3% යි, කීබෝඩ් වීරයොයි බුකියේ දාන දාර්ශනික අදහස් කොමෙන්ටු.

:       1       2

chandima Wednesday, 26 May 2021 02:24 PM

මේ හානියට වන්දි ඉල්ලද්දී අපේ වෙරළට වුනු හානිය වෙනුවෙන් විශාල වන්දියක් ගතයුතු වෙනවා.

:       0       3

jothi Wednesday, 26 May 2021 03:11 PM

ඉවසන්න, පොර්ට්සිටි පටන්ගත්තම රට වටේම නැව් ගිනිගන්න හැටි බලන්න පුළුවන්.

:       3       7

Weerawansa Wednesday, 26 May 2021 03:31 PM

අපි තමයි හොඳටම නිමුවෙ.

:       2       7

gunathilaka Wednesday, 26 May 2021 05:19 PM

ඇයි මේ ගින්න නිවන්න උපදෙස් දුන්නා නේද ඇමතිතුමා.?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 228 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 573 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site