(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සුවය ලබා සිය නිවෙසට ඊයේ (25) දහවල් පැමිණියේය.
කොරෝනා ආසාදිතවීමෙන් ඔහු රෝහල් ගත කෙරුණේ පසුගිය 20වැනිදාය.
තමා නිවසට පැමිණියත් සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව සෞඛ්‍ය ආරක්ෂක පියවරක් ලෙස නිවෙසේ තවත් දින පහක් හුදෙකලාව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ලංකාදීපයට පැවැසීය .
බිරිඳ හා දරුවන්ට මෙතෙක් කිසිදු ගැටලුවක් නැතැයි ද ඔහු ප්‍රකාශ කළේය .
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කොරෝනා ආසාදනය වූ එකොළොස් වෙනි මන්ත්‍රීවරයා ඔහුය .
කොරෝනා රෝගයට මේ දක්වා ගොදුරුවු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 12කි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලනි ආර්යාවට කොරෝනා හැදුණේ කොහොමද?