
(සුජිත් හේවාජුලිගේ)
බොහෝ දෙනකු මේ අවස්ථාවේදී සිය වගකීම ඉටු නොකිරීම ගැටළුවක් බවත් සමහරුන් ඩොක්ටර්ස්ලා බව හඟවන බෝඩ් වාහනවල ප්‍රදර්ශනය කර එහෙ මෙහෙ ගමන් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය .
"ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නැහැ " යයිද ජනාධිපතිවරයා කීය.
ඔහු මෙසේ පැවසුවේ කොරෝනා මර්දන කමිටුවේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (24) පැවැති සාකච්ඡාවේදීය.
සංචරණ සීමා දැමීමෙන් පසු එම වැඩපිළිවෙළේ අරමුණ සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් ජනතාව සිය වගකීම තේරුම් නොගන්නා තාක් සංචරණ සීමා දමා පලක් නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසුවේය.
නීති දමා පමණක් මේ තත්වය පාලනය කළ නොහැකි බවද ඔහු කීය.
පසුගිය 25 වැනිදා රට විවෘත කළේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගැනීමට පමණකැයි කී ජනාධිපතිවරයා පාටි දැමීමට නොවේ යැයි ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා වාහන අලෙවි කරන විට රෝහල්වලින් ලැබෙන " සෞඛ්‍ය අංශ ලාංඡනය " තිබියදීම අලෙවි කරන අතර ඇතැමුන් එය විශේෂ සැලකිල්ලක් ලබා ගැනීමේ අරමුණින් භාවිතා කරන තත්ත්වයක් පවතින නිසා මෙම " ලාංඡනය " සහිත වාහන මහමග ධාවනය වීමේදී ඉඳහිට හෝ පොලිස් රථවාහන අංශ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් විය යුතුයි.
ඔය කියන්නේ හන්දි දොස්තරලා ගැන වෙන්න ඇති.
ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නැහැ.. එපමණක් නොව, ඩොක්ටර්ස්ලා ඔච්චර මාධ්‍ය සාකච්ඡා පවත්වන්න විදිහක් නැහැ...
රටක් සෞභාග්‍ය කරා රැගෙන යාමේ මූලික අඩිතාලම වන්නේ යහපත් ආකල්පවලින්, දැනුමෙන් පිරිපුන් ප්‍රබුද්ධ ජනතාවක් රටේ බිහි කරගැනීමයි. නිදහසින් පසු කිසිම දේශපාලකයෙක් ඒ ගැන සිතුවේ නැ! අද පවතින ජාතික ව්‍යවසනයේදී එය හොඳින්ම පැහැදිලි වෙනවා. පසුගිය කාලේ මිථ්‍යාව සමාජගත කරන්න ගත්ත වෙහෙස ජනතාවගේ දැනුම සහ ආකල්ප දියුණුව වෙනුවෙන් කැප කරා නම් අද මේ ප්‍රතිඵල යම් ප්‍රමාණයකට හෝ වෙනස් වෙන්න තිබුණා...!
සර්ගේ වෙලාවට කොරෝනා ආවේ. නැතිනම් අපි තමයි හොඳට කරලාි තියෙන්නේ...
ඔය පොහොට්ටුවේ බොරු සහතික තියන අය කීදෙනෙක් ඉන්නවද? කොච්චර සුදුසුකම් නැති පුද්ගලයෝ තනතුරු දරනවද?
ඒකත් අපිටම කියන්න. අපි මොනවා හරි කරන්න බලන්නම්
අනේ අනිච්චන්. ඩොක්ටර්ලා ගැන දන්නා තරමක්.
මෙහෙම ගියොත් දොස්තරලා විතරක් නෙවෙයි ඔක්කොටොම මහපාර තමයි.
ඔය වාහන වල ගහගෙන යන්නෙ දොස්තරල විතරක්ම නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කුමන හෝ තනතුරක්, රෝහල් වල සේවකයන් පාකින් සහ ගේට් පාස් ලෙසත් මෙම ලාංචන වාහන වල ප්‍රදර්ශනය කරයි. එහෙත් ඒවා මහමග ප්‍රදර්ශන කිරීමෙන් තම හීන මානය ප්‍රදර්ශනය කරයි. එමෙන්ම එමගින් සමාජයේ යම් වරප්‍රසාද විශේෂයෙන් මහමගදී අන්‍යන්ගෙන් බලාපොරොත්තු වනවා විය හැක. කරුණාකර මෙය තම සේවාස්ථානය අසලදී පමණක් භාවිතා කිරීමට උපදෙස් දෙන්න. මෙය මහ කැත පුරුද්දකි. වෙනත් රටවල තම වෘත්තීය අවභාවිතා කරනවාදැයි නොදනිමි. වාහනවල ආගමික ලාංචන ප්‍රදර්ශනය කිරීමත් මේහා සමානය, ආගම තම පෞද්ගලික මතයක් බවත් ප්‍රදර්ශනය කල යුත්තක් නොවන බව අපරටේ බොහෝ දෙනා නොදනී.
වෛද්‍යවරුන්ට විතරක් නොවේ ඔය ලාංජනය සෞඛ්‍යය අංශයේ හෙද වාහන වලත් තියෙනවා කොළ පාටින් ඒ මිනිස්සු වැඩට යන්න ඇත්තෙ....
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහල මට්ටමේ සේවකයන්ගේ සිට ඉහළම තනතුරු දක්වා සියලු දෙනා තමන්ගේ ජීවිත පරදුවට තියා මෙවැනි වසංගත කාලවලදී සේවයට කැපවෙලා සිටිනවා. ඒ නිසා ඔවුන්ව දිරිගැන්වීම තමයි වැදගත්.
දොස්තරලා පාරේ හිටියා කියලා වාහනෙන් කඩේ ගිහින් බඩුටික ගේන එකට තහංචි දාලා හරි යනවද?උදේ, හවස පුන්නක්කුද බොන්නේ? අතට, පයට වහල්ලු හිටියට කන්න, බොන්න දෙන්න අපට එහෙම නැහැ. අපි මැරීගෙන වැඩකරලා මාසෙ පඩියෙන් ජීවත් වෙන්නේ නුඹලා වගේ අය තමයි. 05 දෙනෙක් ඉන්න පවුලක සේරටම කෑම බීම ඔක්කොම ළඟම කඩෙන් ගන්නේ... පොඩි ළමයින්ගේ කෑම, දෙමව්පියන්ගේ බෙහෙත් ඕවා තියෙනවද ළඟම කඩ්..?
මේ දවස් වල කොරෝනා ලෙඩ්ඩු වැඩි වශයෙන් අහුවෙන නිසා ආණ්ඩුව PCR පරීක්ෂණ නැවැත්තුවේ මොකද?