(රංජන් කස්තුරි)
ග්‍රාම නිලධාරීවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා නොදීමට විරෝධය දැක්වීම සඳහා රට පුරා සියලු ග්‍රාම නිලධාරිවරු අද (26) සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂයක් කොට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතත් ජනතාව සමඟ සෘජුවම සේවය කරන පිරිසක් වන ග්‍රාම නිලධාරීන්ට තවමත් එන්නත් ලබාදී නැතැයි ද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පැවසීය
ඉතා ඉක්මනින් ග්‍රාම නිලධාරීන්ට කොවිඩ් මර්දනය එන්නත් ලබා නොදුන්නොත් ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක නිරත වන බව ද කොඩිකාර මහතා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරච්චි මහත්තුරු හිටියානන් ඕක වෙන්නේ නැහැනේ.
ග්‍රාම නිලධාරින් හිටියත් නැහැ වගේ.. අපරාදෙ අද වෙසක් දවසේ වෙන මොනවා හරි දාන්න තිබුණා.
ඉතා හොඳ තීරණයක්. දේශපාලුවන්ට දෙන්න ඉස්සර වෙලා.. මේ වගේ ගම්මට්ටමේ ඉන්න මිනිස්සුන්ටනේ දෙන්න ඕනෑ. ඒත් දේශපාලකයෝ ටික පැනලා ගහගත්ත ඔක්කොටම ඉස්සරවෙලා.. පුදුම කාලකණ්ණි තමයි.
මෙයාලා හොයාගන්න එක අවුරුදු උත්සවේ සැඟවුණු අමුත්තා හොයනවා වගේ වැඩක්.
ලෝකේ රටවල් වල එන්නත කරමානුකූලව ලබාදීම නිසා අද ඒ රටවල මරණ සංඛයාව පහල මට්ටමක පවතී හිස උදුම්මා ගත් පාලකයෝ ඇති රටවල පළමුව එන්නත පාලකවලල්ට ඒ ලංකාව වැනි නූගත් මෝඩ පාලකයින්ය උගත්බුද්දිමත් පාලකයෝ පලමුව වෛද්‍ය සහ රෝහල් සියලුම අය ඉන්පසු හැටට වැඩි සියලුම නිසිකරම වේදයකට එන්නත දීම නිසා අද කොරෝනා තුරන් වීමේ ප්‍රගතියක් ඇත.
ගාරාමසේවක නිලධාරීන් ගේ වර්ජනය සාධාරනය රටේ පාලකයෝ කියන අයට නොතේරුනාට උගත්බුද්ධිමත් අයට මේ කාරනා තේරුම් ගතහැක ලංකාවේ එන්නත ගැන කිසිම විශ්වාශයක් නොතිබූ රටකි පැනිය හා මිථයාව මත කොරෝනා මර්ධනයට කටයුතු කිරීම.