
(ඩයනා උදයංගනී)
තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා පහක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කැලණි, කළු, ගිං, නිල්වලා ගංඟා සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම්වලට මෙම ගං වතුර අවදානම මතුව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා කියයි.
ඒ අනුව වැසි තත්වය ඉදිරියටත් පැවතියහොත් කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, කළු ගඟ ද්‍රෝණියේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අබේගම, ඇහැලියගොඩ, ඉංගිරිය, හොරණ, කලවාන, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩන්ගොඩ, මිල්ලනිය, කළුතර, මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, ගිං ගඟ ද්‍රෝණියේ නෙළුව, තවලම, නාගොඩ, ඇල්පිටිය, නියාගම, බද්දේගම, වැලිපිටිය, දිවිතුර, බෝපේ පෝද්දල සහ ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, නිල්වලා ද්‍රෝණියේ කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ අත්තනගලු ඔය ද්‍රෝණියේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, ගම්පහ, ජාඇල, මහර, කටාන, මිනුවන්ගොඩ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇතුළු පහත්බිම්වල ගං වතුර ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd