(සුජිත් හේවාජුලිගේ)
චීන රජය මෙරටට පරිත්‍යාග කළ සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහ රට පුරා ජනතාවට වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (26) උපදෙස් දුන්නේය.
ඒ අනුව එම එන්නත් ජනතාවට ලබාදීම සෞඛ්‍ය අංශ ඊයේම ආරම්භ කළේය.
සෞඛ්‍ය අංශවල නිර්දේශයන්හි ප්‍රමුඛතාව අනුව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට පළමු අදියර යටතේ එන්නත් බෙදා හැරීමට සැලසුම්කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .
සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහ රැගත් ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට අද (26)අලුයම පැමිණියේය.
මෙම ගුවන් යානය පැමිණියේ චීනයේ බීජිං නුවර සිටය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන රජය සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත් තොගය පරිත්‍යාග කර තිබිණ.
ශ්‍රී ලංකා රජය ඇණවුම් කර ඇති එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20ක් මසක් ඇතුළතදී ලබාදීමටත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමටත් සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.චෙන් .හුන්ග් මහතා එම එන්නත් තොගය බාරදෙමින් ඊයේ පැවැසීය.
මේ අතර චීන රජය සමග කළ සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස, සයිනොවැක් (sinovac)එන්නත මෙරටදීම ඉදිරි මාස දෙකේදී නිෂ්පාදනය කිරීමට රජය අපේක්ෂා කරන බව ඖෂධ සැපයීම සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත් ලක්ෂ පහ රටපුරාම බෙදන්නේ අර වෙරලු ගෙඩිය හත් අට දෙනෙක් කෑවා වගේද? මේ එක්කම මුට්ටි ටිකකුත් බෝක්කුවකින් පහළට විසි කරමුද?
එතකොට තවත් එක අවුරුද්දක්.. ලොක්ඩවුන් එකේමද ඉන්න වෙන්නේ?
ස්තුතියි ජනාධිපති තුමනි..,
සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහ රට පුරා ජනතාවට ?? රටේ ඉන්න ජනගහනය වත් දන්නේ නැද්ද ?
වෙසක් අමතක වෙලා වගේ..
දැන්ම මෙයා නියෝග දුන්නේ නැත්තං ඒක අයිස් පෙට්ටියේ දාගෙන බලාගෙන ඉන්නවද? අනේ අම්මපා මෙහෙමත් ජනාධිපති කෙනෙක්....
එන්නත් ලක්ෂ 05ක් කියන්නේ බොහොම සුලු ප්‍රමාණයක්.. ඒත් ඒ එන්නත් ලක්ෂ 05 විදගන්න අය නිසා රෝගය තවත් කෙනෙක්ට සම්ප්‍රේෂණය වෙන්න තියෙන ඉඩකඩ දහ ගුණයක් විතර මගහැරෙනවා. රට වටේම බෙදන එක බොහොම සාධනීය ක්‍රියාවලියක්.. ඒත් එන්නත කාටද දෙන්නේ කියලා තීරණය කරන්න ගියාම තමයි වැඩේ වෙන්නෙ ඕං...
සති 3ත්, 4ත් ඇතුළත 2වැනි මාත්‍රාවද දිය යුතුය. නැතිනම් පළමු එන්නතෙහි ප්‍රතිඵල නැති වෙනවා. මෙය කට වචනයෙන් නොව, යම් ක්‍රමවත් විදිහකට කළ යුතුයි. මෙය සැලසුම් කිරීමට හැකි කිසිවෙක් නැතිද? පළමු එන්නත කල් පිරෙන අයත් දැන් ඇති නේද?
ඔය ටික කොමිස් ගහලා ගෙනාපු හෙලිකොප්ටර් එකකින් අහසේ ඉඳලා ඉස්සා නම් රටටම බෙදන්න තිබ්බා සර්...
එතකොට අර විපක්ෂ නායකතුමා චීන තානාපතිව ගෙදරට ගෙන්නලා රහසින් ඉල්ලලා තියෙන්නේ මොනවාද? සමහර වෙලාවට තවත් එන්නත් ලක්ෂ 05ක් ලැබෙයිද කියන්න බැහැ. තව තව කට්ටිය දාලා ඉල්ලුවා නම් රටටම ඇතිවෙන්න ලැබෙන්න තිබුණා..
මෝඩ නියෝග වලින් අපිට වැඩක් නැහැ. කරුණාකරලා පවු නොදී, ඔබගේ නොහැකියාව කෙලින්ම පිළිගෙන ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වී, නව ජනාධිපතිවරණයක් පවත්වන්න. ඔබ මෙය අවංකවම පිළිගෙන ඉල්ලා අස්නොවුණොත් ඉතාම මෑත දිනයකදී ජනාධිපතිකම දමලා පන බේරාගන්න පලා යන්න වෙනවා අනිවා...
යන්තම් ලක්ෂ 05ක් පිනට ලැබුණාම, ඒක දෙන්න කියලා නියෝගත් දෙන්න ඕනෑද? ඕක චීනෙන් දුන්නේ මිනිස්සුන්ට දෙන්න තමයි. නන්දෙ හිතාගෙන ඉන්නවා ඇත්තේ සංරක්ෂණය කරලා තියාගන්න දුන්නා කියලා වෙන්න ඇති. අනේ මෙහෙමත් විහිළුවක්..
වෙසක් අමතක වෙලා අතේ මල්වට්ටිය, පපුවේ බටහිර කොඩිය...
එන්නත් ලක්ෂ 5 ක් ජනතාවට දෙන්න ලක්ෂ 25ක ජනතාව අනවශ්‍ය විදියට කුලප්පු කරලා, පොලිම් ගසන්න නම් එපා! මේ වැනි දේ ඉතා සංවිධානාත්මකව මනුෂ්‍යයින්ට ගරුත්වයක් ඇතිව කරන ආකාරය ද රාජ්‍ය නිලධාරින්ට කියා දෙන්න.
බෞද්ධ රටක් කියලා දිවුරුම් දීලා අපේ සංස්කෘතිය, වෙසක්, අවුරුදු සියල්ල ලොක්ඩවුන් මුවාවෙන් නැතිකළා.
දැන්නම් සටන් බිමට බහින්න කාලේ හරි වගේ... බිමට බැස්සේ නැත්තන්... අනේ මන්දා...?
ජනාධිපති ඔර්ඩර් අපිට ඕන නැහැ සෞඛ්‍ය අංශ ක්‍රමවත්ව එන්නත් ලබා දුන්නොත් හොඳටම ඇති.
ඇස්ට්‍රාසේනිකා එන්නත් කරපු 9 ලක්ෂේටම දෙවැනි මාත්‍රාව විදින්න ඊළඟ ජනාධිපතිවරණෙ පස්සෙද.?
ඔහු දැන් අවදි වී ඇත.