“ශ්රී.ල.නි.ප ය තාමත් පැරණි මානසිකත්වයේ’’
මීට පෙර මෙරට පැවති බොහෝ සන්ධානවල ප්රධාන පක්ෂය ශ්රී ලංකා නිදහස් පක්ෂ වුවත් වර්තමානයේ එසේ නොවන බව එහි ඇතැම් මන්ත්රීවරුන්ට අමතක වී ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී, නීතීඥ සාගර කාරියවසම් මහතා අද (26) පැවසීය.