(ෂේන් සෙනෙවිරත්න)
රන්ටැඹේ යුද හමුදා පුහුණු පාසලේ රාජකාරි කරමින් සිටි යුද හමුදා සෙබළකු වෙඩි වැදි මියගොස් ඇතැයි තෙල්දෙණිය පොලිසිය කියයි .
එම සෙබළා තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගෙන ඇති බවට මෙතෙක් කළ පරික්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ ගම්පොළ ඩස්පියා වත්ත පහළ කොටසේ පදිංචි 21 හැවිරිදි යුධ හමුදා සෙබළකු බව පොලිසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් රන්ටැඹේ යුධ හමුදා පුහුණු පාසලේ බලධාරීන් විසින් තෙල්දෙණිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර හමුදා කඳවුරේ නිලධාරීන් කිහිප දෙනකුගෙන්ම කටඋත්තර ලබාගෙන ඇති බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd