( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය අභියාචනාධිකරණය හමුවේ අද (14) රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සහ එම සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ යන මහත්වරුන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා , ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
නීතීඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සදහන් වේ.
පෙත්සම්කාර සංගමය නීතීඥවරුන්ගේ අයිතිවාසිකම් , මානව හිමිකම් ,නීතීයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානයකි.පෙත්සම්කාර සංවිධානයේ සාමාජිකයින් වන නීතීඥවරුන් සිය සේවාදායකයින්ගෙන් අය කරනු ලබන ගාස්තු ශ්‍රී ලංකාව තුළදී සහ ඉන් පිටත දී විදේශ මුදල් වලින් මෙතෙක් ලබා ගෙන ඇත.ඒ සදහා පුද්ගලික නේවාසික මුදල් ගිණුම (personal resident foreign currency account ) සහ විදේශ තැන්පතු ගිණුම (foreign deposit account ) ගිණුම් දෙකෙන්ද , වානිජ බැංකු ගිණුම් හරහාද සෘජුම විදේශ මුදල් ලබා හැකියාව තමන්ට පැවතිනි.
මෙතෙක් එම විදේශ මුදල් රුපියල් වලට පරිවර්තනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් පැන නොනැගිණි.පෙත්සම්කාර සංගමයේ සාමාජිකයින් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් උපයමින් , මෙරටට විශාල සේවයක් මෙතෙක් සිදු කර ඇත.
ආනයන වෙළෙන්දන් හෝ ජාත්‍යන්තර වෙළදාමේ යෙදෙන්නන් මෙන්ම අප සංගමයේ සාමාජිකයින්ට උපයන විදේශ මුදල් , කෙළින්ම ශ්‍රී ලංකාවේ ගිණුම් වලින් ලබා ගත හැක.
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය ඔක්තෝබර් 28 වැනිදා මහ බැංකු අධිපතිවරයා විසින් මූල්‍ය පනතේ 10.1 වගන්තිය යටතේ 2251/41 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.මෙම ගැසට් නිවේදනය මගින් බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කෙරිණි.
තම සංගමයේ සාමාජිතයින්ගේ කිසිදු කැමැත්තකින් තොරව මෙසේ ඔවුන්ගේ ගිණුම් වලට එවන විදේශ මුදල් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීමට නියෝග කිරීම නීතියට පටහැනි ක්‍රියාවකි.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තියටද පටහැනිය.
මෙය ස්වභාව යුක්ත මූලධර්මයටද පටහැනි වේ.
තවද මහ බැංකු අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩලය මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර ඇත්තේ විදේශ විනිමය පනතේ විධි විධානයන්ද අභිබවා යමිනි.මෙය කෑලෑ නීතියකි.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින අයට ස්තූති වේවා. තම තමන්ගේ පැවැත්ම ශක්තිමත් කරගැනීමට නීතියට පටහැණි දේ කරන්නේ නම්, නීතිය දත් අය ඒවාට අනිවාර්යයෙන්ම වැට බැඳිය යුතුය. මිනිසුන්ගේ මුදල් ගැන හොයනා අයට පැන්ඩෝරා මුදල් ගැන සොයා බලා පියවරක් ගැනීමට කිසිදු හදිස්සියක් නැත්තේය.අනේ අපේ රටකට ගිය කලක් ..
හරියට හරි.
කොට්ටෝරුවා හැම ගහටම හොට ඇන ඇන යනවා කෙහෙල් ගහට කොටපු දාට හොට තද වෙනවා. බලමු කබරාල් රිවස් ගියරයට මාරු කරයිද කියලා
ලැබෙන ඩොලර් ටික නවත්ත ගත්තා මහා ලොකු මොලකාරයෝ ටික
පුද්ගලිකව උපයන විදේශ මුදල්, වංචාකාරයින් පිරිසක් විසින් බලය අවභාවිත කරමින් මංකොල්ල කෑම වැලැක්වීමට ඉදිරිපත්වීම ප්රශංෂනීයයි. තවද 2020 සිට අසීමිතව මුද්‍රණය කිරීමෙන් බාල්දු වී ඇති රුපියල් සොච්චමක් දී සාධාරණව උපයාගත් විදේශීය මුදල් මංකොල්ල කෑම පාස්කු ප්‍රහාරය මෙන්ම ත්‍රස්ත ක්‍රියාවකි.
ඇයි එතකොට සාම්පල් නොබලා ගෙන්න්නපුු පොහොර නැවට ගේව්වේ? ඒ වැරැද්ද කරපු කෙනා නිදහසේ ඉන්නේ
වෙන රටක අනේවාසික ගිනුමකට මුදල් යවනවා. මොකටද ලංකාවට එවන්නේ. අනික වෙන රටවල කරන ආයෝජන මෙහෙ වගේ කොල්ලකන්නේ නෑ.එන සල්ලි ටිකත් නැති කර ගන්නවා. කබර මොලේ.....