
(අංජුල මහික වීරරත්න)
මෙරට නිෂ්පාදනය කරන පොස්පේට් පොහොරවල අගය වැඩි කර පොස්පේට් පොටෑසියම් හා නයිට්රජන් අඩංගු නව පොහොර ප්‍රභේදයක් හඳුන්වා දීමට ශ්‍රි ලංකාවේ නැනෝ තාක්ෂණ ආයතනය ඉදිරිපත්ව සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.
මේ සම්බන්ධයෙන් මූලික ප්‍රායෝගික පරීක්ෂණ බතලගොඩ වී පර්යේෂණායතනයේදී සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය කෙරිණ.
එප්පාවල පොස්පේට් නිධිය මෙරට වටිනා ස්වභාවික සම්පතක් බැවින් එයින් රටට උපරිම ප්‍රයෝජන ලබා ගත යුතු බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා දැනට මෙම පොස්පේට් නිධිය ආශ්‍රිතව නිෂ්පාදනය කරන පොහොර ප්‍රමාණය මෙ.ටොන් 50ක් දක්වා ඉහළට ගෙන ආ යුතු බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය හැම වැඩකින්ම අනාගන්නවා, එක්කෝ ජනාධිපතිට තෙරෙන්නෑ, එක්කෝ උපදේශයන්ට තේරෙන්නෑ, ප්‍රමිතියෙන් තොර විවිධ දේවල් ගෙනැවිත් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා.
මුලින්ම මේ අය වැඩක් පටන් ගන්නටත් කලින් එහි අවසාන ප්‍රතිඵලය ගැන පුරාජේරු කථා කියනවා. හරියට වපුරන්නටත් කලින් අස්වනු නෙලන්නට යනවා වගේ... අන්තිමට අතගහන හැම වැඩක්ම අවුල් ජාලයක් වෙලා නවතිනවා. චීන පොහොර නැවකට නිරපරාදේ වන්දි ගෙන්වන්න සිද්ද වුනේ මේ වගේ මෝඩ තීරණ නිසානේ...
එළුවෙකුට කෘෂිකර්මාන්තය බාර දුන්නම එයා ඔක්කොම ටික කනවා.
බොහොම හොඳ සහ කාලෝචිත සොයාගැනීමක්.හැබැයි සාර්ථකත්වය රඳා පවතින්නේ රට ඉන්න කාපාලුවන්ගේ සාක්කුවට ලැබෙන මුදල් අනුවයි.උනුන් කිසි දවසක රටට සුබ සෙතක් වෙනවා දකින්න අකමැති උදවියයි.හැබැයි මාධ්‍ය තුලින් උන් විතර දේශ මාමකයෝ වෙන කව්රුවත් නැහැ
නැනෝ ක්‍රමයට පුන්නක්කු හදන්න 69 ලක්ෂයක් පාරිභෝගිකයින් බලාගෙන ඉන්නවා