IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ලිට්‍රෝ සමාගමෙන් අධිකරණයට පොරොන්දුවක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතීන්ට අනුකූල ගෑස් සිලින්ඩර පමණක් බෙදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර  ආනයනය කර  බෙදා හැරීමට  කටයුතු කල ගෑස් සමාගම්  සහ වගකිව යුතු  රජයේ බලධාරීන්ට එරෙහිව අපරාධ  නීතිය යටතේ   නීතිමය පියවර ගන්නා  ලෙස   නියෝග කරන්නැයි  ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කල   රිට්  පෙත්සම  අද කැඳවූ  අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හර්ෂ අමරසූරිය මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු නියමිත සංයුතියක් මේ වනවිට නොමැති බවත් , එහි තිබිය යුතු සංයුතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති නීතිඥවරයා දැනුම් දුන්නේය.

ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් මේ වන විට වෙළෙඳපොළට මුදාහරිමින් තිබෙන බව ඔහු පැවසුවේය.

ප්‍රමිතියෙන් තොර ගෑස්  සිලින්ඩර  නිකුත්  කිරීම  සම්බන්ධයෙන්  පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක,   ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න,  වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන,  පාරිභෝගික ආරක්ෂණ  රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන්නැයි පොලිස්පතිට නියෝග කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ලාෆ්ස්  හෝල්ඩින්ග්ස් ලිමිටඩ්,ලිට්ට්රෝ ගෑස් සමාගම, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක,   ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න,  වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන,  පාරිභෝගික ආරක්ෂණ  රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න,  රජයේ ප්‍රධාන තක්සේරුකරු ඇතුළු  දස දෙනෙකු  නම් කරනු ලැබ සිටිති.



අදහස් (13)

ලිට්‍රෝ සමාගමෙන් අධිකරණයට පොරොන්දුවක්

සමන්ත ගිම්හාන් Wednesday, 15 December 2021 02:34 PM

මෙතුමා ජනතාව වෙනුවෙන් සෑහෙන නඩු ප්‍රමාණයක් දමාගෙන තියෙනවා..

:       2       42

Nuwa Wednesday, 15 December 2021 02:36 PM

පන්සලේ පිං කැටේ කඩපු මිනිහාටත් දැන් පුළුවන් ආයේ කඩන්නේ නෑ කියලා අධිකරණයට පොරොන්දු වෙන්න.

:       1       39

ase Wednesday, 15 December 2021 03:26 PM

දැන් සියල්ලම හරිද ? වැරදි කරුවන් ? මෙම විනශයට වගකිය ඈයෝ ? දඩයම් ? පොරොන්දුවකින් හමාරද ?

:       0       3

කෝරලගේ Wednesday, 15 December 2021 03:35 PM

අපි TV එකේ දැක්කා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය කිව්වා ඒ ගොල්ලන් ගෑස් සිලින්ඩරයේ ප්‍රමිතිය විතරයි බලන්නේ..., ගෑස්වල අඩංගු සංයුතිය බලන්නේ නැහැ කියලා. එහෙම වුනොත් නැවතත් ගෑස් උඳුන් පුපුරලා මහජනතාවට මරණ බියෙන් තමයි ඉන්න වෙන්නේ...

:       1       26

අබිලින්Friday, 17 December 2021 07:06 AM

ප්‍රමිති කාර්‍යාංසය බලන්නෙ සිලිංඩරය පමණක් කියලා කියනවා.ඒ වගේ තමා පොහොර සමාගම්වලට කරන්නෙත්.අපි අත් දැක්කා පොහොර කියලා දුන්නෙ තනිකරම වැලිකියල.ඒ වගේම සමහර නිෂ්පාදන කරන්නෙ ඉතාමත් බාල දේවල් වලට උසස් නිෂ්පාදන සියයට එකක් හෝ දෙකක් යොදාගෙන භාණ්ඩ වලට අගය එකතුවක් කිරීම .මේවා වංචා කිරීම්.මෙනිසා පාරිභෝගික අධිකාරිය හෝ භාණ්ඩ වල ගුණාත්මක බව පරීක්ෂා කල යුතුය

:       0       1

de silva Wednesday, 15 December 2021 04:19 PM

සිද්ධිකා කියන්නේ අර ජනතාව වස ටිකටික කෑවට කමක් නැහැ, හරියට කළොත් සමාගම් බංකොළොත් වෙනවා කියලා කියපු කාන්තාව නේද?

:       0       31

ගලපරWednesday, 15 December 2021 05:57 PM

ඇත්ත තමයි.

:       0       3

Nuwan Wednesday, 15 December 2021 04:31 PM

මේවා තමයි සෞභාග්‍යයේ දැක්ම... හැබැයි වෙන රටක නම් කට්ටිය ඔක්කොම හිරේ...

:       2       23

සෑම් Wednesday, 15 December 2021 05:18 PM

නාගානන්ද මැතිතුමනි, පාහර හොර කල්ලියට එරෙහිව එඩිතරව නඩු පැවරීම ගැන ඔබට ජාතියේ ප්‍රණාමය...! ඔබ ජාතියට සම්පතකි.

:       4       31

de silva Wednesday, 15 December 2021 05:22 PM

වෙන රටක නම් මේ ලොක්කෝ සියල්ල අනියම් මිනීමැරුමකට... දේපළ විනාශයට විශාල වන්දියකුත් ගෙවලා අවුරුදු 30-40 ක් හිරේ...

:       0       21

Siri Thursday, 16 December 2021 04:32 AM

වියත් මගේ මීහරක් දාගෙන මේ කම්පැනි විනාශ කරා

:       0       4

වර්ණකුලසූරිය Thursday, 16 December 2021 09:31 AM

පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා ඇතුළු දැනට චෝදනා ලබා ඇති රාජ්‍ය නිලධාරින් වගකිව යුතු වන්නේ නම් මෙම මරණවලටද ඒ හා සමානව රජ්‍ය පාර්ශවය අනිවාර්යයෙන් වගකිව යුතුයි. පාස්කු ප්‍රහාරයේදි අදාළ පාර්ශව වගකීම පැහැර හැර ඇත්තේ නම් මෙතන සිදුවී ඇත්තේද එයමයි. එහෙත් කිසිවෙක් අත්අඩංගුවට පත්වි නොමැත්තේ රට ආරක්ෂා කිරීමට පැමිණි රජයකින් එය සිදුවී ඇති නිසාද?

:       0       4

Siri Thursday, 16 December 2021 11:49 AM

ප්‍රධාන වගඋත්තර කරු ජනාධිපති විය යුතුයි නේද ?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 44 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 13 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1184 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 192 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 553 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 764 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site