
(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා සඳහා අය කරන ගාස්තු ඉහළ දැමීමට යෝජනා වී ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ඒ අනුව වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු, රියදුරි බලපත්‍ර ගාස්තු, වාහන අංක තහඩු ගාස්තු සහ රියදුරු වෛද්‍ය සහතික ගාස්තු යන ප්‍රධාන සේවා ඇතුළු සේවා සේවා රැසක ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට යෝජනා වී ඇති බව කී එම නිලධාරියා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා සඳහා වන ගාස්තු වසර 12 කින් ඉහළ දමා නොමැති බව ද සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ගාස්තු වසරකට වරක් සියයට 15 කින් ඉහළ දැමීමට 2017 වසරේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබුණ ද මේ දක්වා ඉහළ දැමීම කර නොමැති බවත් වාහන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ලියාපදිංචි ගාස්තු ඇතුළු සෙසු ගාස්තු යාවත්කාලීන විය යුතු බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ. හැබැයි අපේ පාර්ලිමේන්තු උතුමන්ලාගේ පැජරෝ වලට එහෙම මේ මිල වැඩිවීම දෙන්න එපා. ඒගොල්ලෝ හරි අමාරුවෙන් ජිවත් වෙන්නේ අපි වගේ නෙවෙයි
ගාස්තු ඉහළ දමන්න ඉස්සර වෙලා... නිසි සේවයක් සපයන්න. මේකෙන් වැඩක් කරගන්න ගියාම ගාස්තුවට සමාන මුදලක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පගාව ලෙස දෙන්න ඕනේ...