(ඉන්දිකා රාමනායක)

සමන්තුරෙයි කාරතිව් 2 ප්‍රදේශයේදීයි මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් , උණ්ඩ 16ක්, මැගසින් දකක් සමග  සැකකරුවක් අත්අඩංගුවට ගත් බව සමන්තුරේ පොලිසිය කියයි .

යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරු අනුව පොලිසිය හා එක්ව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කාරතිව් ප්‍රදේශයේ පදිංචි (45) පුද්ගලයෙකි.

ඔහු අද (15) සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි