ගුරු ගැටලුවට විසඳුම අද කැබිනට් මණ්ඩලයට ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (26) පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 26 July 2021
ගම්පහ ජාත්‍යන්තර පාසලක සිසුවියකට අයි.ටී ගුරාගෙන් යස පාඩමක් ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන එම පාසලේ තොරතුරු තාක්ෂණවේදය උගන්වන 49 හැවිරිදි ආබාධිත ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි 26 July 2021
විශ්‍රාමිකයෝ පඩියෙන් කැපූ කොටසක් ඉල්ලා පාගමනක වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු චක්‍රලේඛයක් මගින් අත්හිටවූ, පසුගිය ආණ්ඩුව මගින් 2016-2019 අතර කාලයේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවන්ට 2020.01.01 සිට ගෙවීමට කටයුතු කර තිබු විශ්‍රාම වැටුප වහාම ලබාදෙන්නැයි ඉල්ලමින් පාගමනක් හා උද්ඝෝෂණයක් අද දහවල් අනුරාධපුර නගරයේදී පැවැත්විණි. 26 July 2021
දැදුරුඔයට තරුණයන් දෙදෙනකු බිලි කොබෙයිගනේ ,ඇඹලයාගම ප්‍රදේශයේ දී දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි . 26 July 2021
රත්නපුරයට නොකඩවා වැසි: ගංගාවල ජල මට්ටම් ඉහළට ඇද හැලෙන මහ වැසි නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ කලු ,කුරු, දෙනවක , නිරිඇලි, වේ, ගලතුර, කුකුළේ යන ප්‍රධාන ගංගා සහ සෙසු ඇළ දොළවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 26 July 2021
රජරට ගොවියෝ මඩාටුගමදී විරෝධතාවක ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කැකිරාව ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කැකිරාව, මඩාටුගම හන්දියේදි පැවැතිවිණි. 26 July 2021
බටලීයෙන් කොරෝනා ආසාදිතයන් 112ක් මීරිගම බටලීය ගම්මානයෙන් පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන් 112 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති . 26 July 2021
උපේක්ෂා පැදවූ මෝටර් රථය අනතුරක ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පැදවූ මෝටර් රථය යතුරු පැදිය ගැටීමෙන් යතුරු පැදිය පැදවූ තරුණයකු තුවාල ලබා රෝහල් ගත කළ බව කටුගස්තොට පොලිසිය කියයි. 26 July 2021
කොරෝනා ගැන සමන් රත්නප්රියගෙන් අනාවැකියක් එක ගමක් හෝ කම්හලක් තෝරාගෙන එහි සැමට පී.සී.ආර් කරන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බවත් එයින් සියයට 15ක් හෝ 20ක් අනිවාර්යයෙන්ම ’’පොසිටිව්’’ වන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 26 July 2021
‘‘එ.ජා.පය බලය ගන්න හැටි හය වැනි දා හෙළිදරුව් කරනවා‘‘ එක්සත් ජාතික පක්ෂය බලයට පත් කරන වැඩසටහන පිළිබඳව පක්ෂයේ 75 වන සංවත්සරය යෙදෙන ලබන සැප්තැම්බර් 6 වැනිදා හෙළිදරව් කරන බව පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 July 2021
අ.පො.ස සා.පෙළ පෙබරවාරි 21 සිට මෙම වසරේ (2021) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මස 21 වැනිදා සිට මාර්තු මස 3 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය. 26 July 2021
කොරෝනා එන්නත්වලට මුදල් වැයවුණේ මෙහෙමයි කොරෝනා මර්දන එන්නත් මිලදී ගැනීමට රුපියල් කෝටි එක්දහස් පන්සිය හතළිස් හයක පමණ මුදලක් ශ්‍රී ලංකා රජය මේ දක්වා වැය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 26 July 2021
රට විවෘත කරන දිනය ඇමැති බන්දුල කියයි මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත ලබා දුන් පසු රට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය . 26 July 2021
කොරෝනා සිවුවැනි රැල්ලක අවදානමක් ජනතාව සෞඛ්‍ය නීති නිසි ආකාරයට පිළිපදිමින් කටයුතු නොකළහොත් කොරෝනා සිවුවැනි රැල්ලක් ඇති වීමට ඉඩ ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය . 26 July 2021
පාසල් දරුවන්ට අඩුමිලට “මාස්ක්’’ පාසල් ලබන සතියේ විවෘත කිරීමට නියමිත හෙයින් දරුවන්ට සහන මිලට මුව ආවරණ ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 26 July 2021
ලීටර 18 ගෑස් සිලින්ඩරයට ගැසට්ටුවක් නිකුත් වෙයි ලීටර 18 (කිලෝ 9.6) ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (25) පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 26 July 2021
’’ගුරු පොකුරක් නිර්මාණය වීමේ අවදානමක්’’ ඇතැම් වෘත්තීය සමිති ගුරුවරුන් උද්ඝෝෂණවලට ඈඳා ගැනීම නිසා ඉදිරියේදී කොරෝනා ගුරු පොකුරක් නිර්මාණයවීමේ අවදානමක් පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 26 July 2021
පළාත් කීපයකට විටින් විට තද වැසි බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 July 2021
‘‘ලිට්රෝ ගැස් හිඟයක් නෑ‘‘ ලිට්රෝ සමාගමේ රටපුරා ප්‍රධාන අළෙවි නියෝජිතයන් සතුව ගෑස් සහිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ දෙකක් ඇති බවත් ලිට්රෝ ගෑස් හිඟයකින් තොරව ලබන අගෝස්තු මස දක්වා සැපයීමට තොග ඇති බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය 26 July 2021
ගම් කීපයක් හුදකලා බවින් නිදහස් කරයි කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 5 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 26 උදෑසන සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 26 July 2021
හොර කච්චේරියක් කිරිබත්ගොඩින් අල්ලයි කිරිබත්ගොඩ වේවැල්දූව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හොර ලේඛනාගාරයක් වටලා ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර ඇතුළු ලේඛන රැසක් අත්අඩංගුවට ගත් බව ගත් බව පොලිසිය කියයි. 26 July 2021
ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් කටුනායකට ඇමෙරිකාවේ නිෂ්පාදිත ’’ෆයිසර්’’ තවත් එන්නත් මාත්‍රා තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත අද අලුයම රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය . 26 July 2021
’’ඇස්ට්රාසෙනිකවල බල බිඳී නැහැ’’ කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව මෙතෙක් නොලැබුණු පිරිස ගත් පළමු මාත්‍රාවේ බල තවමත් බිඳී නැතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 25 July 2021
දැරිය මිය යෑම ගැන බදියුදීන්ගෙන් ප්‍රශ්න කරන්න යයි මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරන බව බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. 25 July 2021
රට රටවල කොරෝනා ජුලි 25 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 25 July 2021
කොරෝනා මරණ 45ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 July 2021
‘‘වතු දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයට දෙන්නේ නෑ‘‘ වතු කම්කරුවන්ගේ දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයේ යෙදවිමට කිසිවකුට නොහැකි වනසේ කම්කරු අඥා පනත ශක්තිමත් කිරිමට අපි මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. 25 July 2021
ජනපති - ශ්‍රීලනිප සාකච්ඡාවක් හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (26) පෙරවරුවේ පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 25 July 2021
දියණියගේ දරුගැබ නැතී කරන්න ගිය මවට වැඩ වරදි බෑනාට හොර රහසේ සිය 24 හැවිරිදි ගැබිණි දියණිය කෑගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් වලව්වක සඟවාගෙන දරුගැබ විනාශ කිරීමට කටයුතු කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි. 25 July 2021
කොරෝනා ආසාදිතයන් 1190ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,190 දෙනකු අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 25 July 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026