අණුක රෝග විනිශ්චය ක්‍රමවේදයක් හරහා මිනිත්තු 20 ක් ඇතුළත 'ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනා ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයක් හඳුන්වා දීමට කොරියානු පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති.
මෙම නව පරීක්ෂණය හඳුන්වා දී ඇත්තේ දකුණු කොරියාවේ 'පොස්ටෙක්' වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ලී ජුංග් වූක් ඇතුළු කණ්ඩායම යැයි පැවැසෙයි.
මෙතෙක් හමුවී ඇති සියලුම 'කොවිඩ් 19' විකෘති සහ තවමත් නව විකෘති රැසක් මුසු වී නිර්මාණය වී ඇති 'ඔමික්‍රෝන්' ළැව් ගින්නක් සේ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.
'ඔමික්‍රෝන්' විකෘතිය එන්නත් කාර්යක්ෂමතාව අඩු කරන බව තහවුරු වී ඇති අතර, ලොව රටවල් බොහොමයක් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට 'ෆයිසර්' එන්නතින් තෙවැනි එන්නත් මාත්‍රාවක්, එසේත් නැතිනම් 'බූස්ටර්' එන්නතක් ලබා දීම සිදු කරයි.
'ඔමික්‍රෝන්' විකෘතිය අඩපණ කිරීමට 'ෆයිසර්' එන්නත ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව හෝ 'ඔමික්‍රෝන්' විකෘතිය අඩපණ කිරීමට ඇති එකම එන්නත 'ෆයිසර්' එන්නත බව හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිම අවස්ථාවක පවසා නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම බොරුවක්.කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්,මේක ජාත්‍යන්තර ගේමක්,බෙහෙත් ජාවාරමක්