රිෂාඩ්ගේ බිරිය ඇතුළු පිරිස අද අධිකරණයට
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී දැරියක් මිය යාමේ සිද්ධිය අදාළව පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ , ඇගේ පියා , එම නිවසට රැගෙන ආ තරව්කරු ද අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.