(සුජිත් හේවාජුලිගේ )
අයවැය තුන්වැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් තවුෆික් මහතා එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇතැයි එහි මහලේකම් නිසාන් කාරියප්පර් මහතා පැවැසීය.
එසේම මොහුට විරුද්ධව විනය පරීක්ෂණයක්ද පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත.
අයවැය දෙවැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් මුස්ලිම් කොංග්‍රසයේ තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් එම පක්ෂයේ දැරූ තනතුරුවලින් පසුගියදා ඉවත් කරනු ලැබූහ.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් තවුෆික් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පක්ෂයේ ලේකම්වරයා තමා සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් කර තිබෙනු තමා දුටු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව්ෆික් අහන්න තනතුරුවලින් එලෙව්වානම් මොන විනය පරීක්ෂණද කියලා. විනය පරීක්ෂණ තියලා මොනාද කරන්නේ කියලා.