(අංජුල මහික වීරරත්න)

කුණු බක්කි අවුස්සාගෙන කා බඩවියත රැක ගත යුතු යුගයකට රට ගමන් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙහෙම තව ටික දුරක් ගියොත් ගෑස් ටැංකි පමණක් නොව ජනතාවගේ හෘද වස්තුවත් පුපුරා යනු ඇතැයි කී අබෙිවර්ධන මහතා 1977 වසරට පෙර ලංකා ජනතාව එවන් ඛේදවාචකයකට මුහුණ දී සිටි අතර ඒ යුගය අවසන් කොට කෙටි කලක් ඇතුළත නැවත සෞභාග්‍යය උදා කළේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ බවද සිහිපත් කළේය.

ආණ්ඩුව ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලට නොගොස් පොලී මුදලාලිලා ලඟට ගොස් ණය ලබාගන්නේ එලෙස ගන්නා මුදල් හොරකම් කිරීමට අවශ්‍ය නිසා යැයිද මූල්‍ය අරමුදලින් ණය ගත් විට ඒවා හොරකම් කරන්නට බැරි බව ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.