(අංජුල මහික වීරරත්න)

2022 වසර මෙරට ජනතාවගේ ජීවිත ආලෝකමත් කරන දැවැන්ත සංවර්ධන විප්ලවයක ඇරැඹුමක් වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

පොහොර ප්‍රශ්නය අල්ලාගෙන තමන්ට මාධ්‍ය හරහා නොයෙක් අපහාස උපහාස කළ නමුත්  ඒවායින් පන්නරයක් ගත්තා මිස මානසිකව  කඩා වැටුනේ නැතැයි කී අමාත්‍යවරයා රජයේ ප්‍රතිපත්ති වෙනුවෙන් ඉදිරියටත් දිගටම පෙනී සිටින බව ද කීය.

අවුරුදු පහක් තිස්සේ ගම්බද අහිංසක ජනතාවට පිං පඩියක්වත් හදා දෙන්න බැරි වු අය අද ජනතාව ගැන කිඹුල් කඳුළු හලමින් ආණ්ඩු බලය අල්ලන්න හීන දකින බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.